Friday, March 2, 2012



 

2014/09/05

වොලිබෝල් ජාත්‍යන්තර තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම ලොකු ජයග්‍රහණයක් - වොලිබෝල් උප සභාපති කංචන ජයරත්න
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී හෙට (05) ආරම්භවන 10 වන ආසියානු වොලිබෝල් තරගාවලිය මෙරටට ලැබිම ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව හැටියට වොලිබෝල් ක්‍රීඩාව ලද ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන උප සභාපති තරග කමිටු සභාපති සබරගමු පළාත් සභා සභාපති කංචන ජයරත්න සඳහන් කළේය.
මෙම තරගාවලියේ සත්කාරකත්වය ලබා ගැන්මට හැකිවූයේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධක අමාත්‍ය ඩිලාන් පෙරේරාගේ උනන්දුව නිසාය. එතුමා ආසියානු වොලිබෝල් සම්මේලනයේ පරිපාලන කමිටු සාමාජිකයෙක් හැටියට ලංකාව වෙනුවෙන් පෙනී සිටීමෙන් දහවෙනි ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලිය මෙරටට හිමි වූ බව සඳහන් කරයි.

වැඩිදුරටත් සඳහන් කරන්නේ වොලිබෝල් සම්මේලනය හැටියට 2005 මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියත්, 2006 දකුණු ආසියානු වොලිබෝල් තරගාවලියත්, 2008 හත්වන යොවුන් බාලක තරගාවලියත්, 2011 හම්බන්තොට දකුණු ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය මෙන්ම 2012 මධ්‍යම ආසියානු ඔලිම්පික් තරගාවලියට සුදුසුකම්ලාභී තරගාවලිය යන තරග මෙරටදී පැවැත්වීම සුවිශේෂී ජයග්‍රහණ බවය. ඒ සියලු අත්දැකීම් දසවැනි ආසියානු වොලිබෝල් තරගාවලියට එක්කර ගැනීමට අරමුණු කර ගන්නා බව සඳහන් කරන අතර හෙට (05) සිට (13) දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සියලු කටයුතු සූදානම් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කසකස්ථානය, කොරියාව, චීන තායිපේ, චීනය, ඉන්දියාව, ඉරානය, ඔස්ට්‍රේලියාව, කටාර්, ටර්කිස්ථානය, සෞදි අරාබිය, බහරේනය, ජපානය, මාලදිවයින සහ හොංකොං යන රටවල් 14ත්, ශ්‍රී ලංකාවත් මෙම තරගාවලිය සඳහා තරග වදිනවා. විශේෂයෙන් අප දකිනවා ආසියානු කලාපය තුළ ගත්තම, චීනය, ජපානය, කොරියාව සහ ඉරානය වැනි ප්‍රබල වොලිබෝල් කණ්ඩායම් සහභාගි වන නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලී, ක්‍රීඩාවට ආදරය කරන අපේ ක්‍රීඩකයන්ට, නවීන තාක්ෂණයෙන් යුත්, අලුත් අත්දැකීම් සහිත තරග කිහිපයක් ශ්‍රී ලංකාව තුළදීම දැකගැනීමේ හැකියාව ලැබෙන නිසා. ජාත්‍යන්තර තරගාවලියක සත්කාරකත්වය හිමිවීම පිළිබඳ වැඩිදුරටත් සඳහන් කරමින්  සාමාන්‍යයෙන් සිදු වනුයේ  පාසල් අවධියේ සිට පළාත් හා ජාතික මට්ටමට පැමිණ ජාත්‍යන්තරයට යෑමයි. සෑම ක්‍රීඩකයකුගේම බලා‍පොරොත්තුවත් එයයි. ජාතික තලයට ගමෙන් හඳුනාගන්නා ක්‍රීඩකයන් ඔප දැමීමේ කාර්යය, බැබළවීමේ කාර්යය, ජත්‍යන්තරයට රැගෙන යාමේ කාර්යය, මේ ජාත්‍යන්තර තරග සත්කාරකත්වය තුළින් අපට ලැබෙන බව තමා විශ්වාස කරන බව උප සභාපති වැඩිදුරටත් පවසයි.

 

 2014/06/16

රත්නපුර සුපිරි අට වොලිබෝල් ශූරතාව වරාය අධිකාරියට


  වරාය අධිකාරී කණ්ඩායම් නායක සමීර ප්‍රගීත් වෙත ශ්‍රී ලංකා‍ වොලිබෝල් සම්මේලනයේ උප සභාපති සබරගමු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න මහතා විසින් ජයග්‍රාහී කුසලානය පිරිනැමූ අයුරු. කුරුවිට සරත් ජෙමිස් අධිපතිද මෙහි සිටී.
http://www.rivira.lk/online/images/2014/06/16/file0456.jpgවොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාව පුරා ජාතික මට්ටමින් ජනප්‍රිය කරවීමේ අරමුණින් රට පුරා සංවිධානය කෙරෙන “සුපිරි අට” තරගාවලියේ රත්නපුර දිස්ත්‍රික් තරගාවලිය 14 සෙනසුරාදා රාත්‍රියේ කුරුවිට ගෝනපිටිය රන්තරු ක්‍රීඩා පිටියේදී නිමාව දුටුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායමට සුපිරි අට රත්නපුර ශූරතාවය හිමිකර දෙමිනි.
ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය සහ රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමය කුරුවිට ගෝනපිටිය රන්තරු ක්‍රීඩා සංගමය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරික බවතුන්ගේද අනුග්‍රහයෙන් යුතුව සංවිධානය කළ මෙම තරගාවලිය මෙහෙයවූයේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නියෝජ්‍ය සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති සබරගමුව පළාත් සභා සභාපති කාංචින ජයරත්න මහතා ඇතුළු රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයය.
දිවා රාත්‍රී තරගාවලියක් ලෙස සංවිධානය කර තිබුණ තරගාවලියට ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ‍පොලිසිය, ශ්‍රී ලංකා ටෙලිකෙම්, ජාතික තරුණ සේවා සභාව සහ මාස්ඇක්ටිව් සමාගම නියෝජනය කරමින් දිවයිනේ ජනප්‍රිය වොලිබෝල් තරගකරුවන් රැසක් සහභාගිවී සිටියහ.
විදුලි ආලෝකය මැද පැවැති අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව කණ්ඩායම අතිශය විචිත්‍රවත් ක්‍රීඩා දස්කම් පෙන්වමින් තරගයට ප්‍රාණවත් බවක් එක්කිරීම විශේෂයකි.තරග වට පහකට සූදානමින් තරග බිමට පැමිණියත් මූලික තරග වට තුනම 25-19, 28-26, 25-21 ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම දස්කම් පෙන්වීම නිසා ශ්‍රී ලංකා වරාය අධිකාරියට පහසුවෙන්ම ශූරතාවය දිනා ගත හැකි විය.
ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම තරගයේ අනු ශූරතාවය දිනාගත් අතර තරගාවලියේ වීරයාට හිමි සම්මානය හිමි කර ගත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උදය රුක්මාල්ය. ශ්‍රී ලංකා යුද හමුදාවේ දිමුතු හොඳම ප්‍රහාරක ලෙස සම්මාන ලැබුවේය. හොඳම පන්දු පිරිනමන්නා වරයා අධිකාරියේ ජනිත සුරංගද, පන්දු රැස්කරන්නා ලෙස නිලන්ත ද සම්මාන ලැබූහ.

26 March 2014

මන්චි වොලිබෝල් ශූරතා කැලණිමුල්ල යුද හමුදා පාබල පිලට හා මාවතගම කැෂුවල් ලයින් කාන්තා පිලට

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා සිලෝන් බිස්කට් සමාගම එක්ව සංවිධානය කළ 2014 මන්චි වොලිබෝල් ශූරතාවලියේ පිරිමි අංශයේ ජය කැලණිමුල්ල පාබල කණ්ඩායම සහ කාන්තා අංශයේ ජය මාවතගම කැෂුවල් ලයින් කණ්ඩායම ලබා ගැනීමට සමත් වෙයි.
මන්චි වොලිබෝල් ශූරතාවලියේ සමාරම්භක අවස්ථාව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරාගේ හා සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (15 සහ 16) ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණි. මේ සඳහා කාන්තා-පිරිමි කණ්ඩායම් 33ක් තරග වදින ලදී.
තරගාවලියේ පිරිමි අවසන් වටයට කැලණිමුල්ල යුද හමුදා පාබල කණ්ඩායම සහ ගල්ගමුව නිව්ස්ටාර් කණ්ඩායම තේරී පත් විය. මෙම කණ්ඩායම් දෙක අතර තියුණු තරගයකින් පසුව කැලණිමුල්ල යුද හමුදා පාබල කණ්ඩායම ජය සංකේතවත් කළේය.
මේ අතර කාන්තා ශූරතාවලියේ අවසන් වටයට මාවතගම කැෂුවල් ලයින් කණ්ඩායම සහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ක්‍රීඩා සමාජය තේරී පත් විය. එහිදී කණ්ඩායම් දෙක අතර පැවැති තියුණු තරගයකින් අනතුරුව ජය වාර්තා කළේ මාවතගම කැෂුවල් ලයින් කණ්ඩායමයි. මන්චි වොලිබෝල් ශූරතාව (පිරිමි) හිමිකරගත් කැලණිමුල්ල යුද හමුදා පාබල කණ්ඩායමට හා කාන්තා ශූරතාව හිමි කරගත් මාවතගම කැෂුවල් ලයින් කණ්ඩායමට ජයග්‍රාහී කුසලානය ප්‍රදානය කළේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති, සබරගමු පළාත් සභා සභාපති කංචන ජයරත්න විසිනි.

   2014/03/15 

මන්චී ජාතික වොලිබෝල් ශූරතාවේ අවසන් වටයේ තරග අද සහ හෙට

කණ්‌ඩායම් 2118ක සහභාගීත්වයෙන් පැවැති මන්චී ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ 'ඒ' කොටසේ අවසන් මහා තරග අද සහ හෙට (15 සහ 16 දෙදින) රත්නපුර ගොඩකවෙල ක්‍රීඩාංගණය සහ මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අවසන් වටයේ තරග 16 වැනිදා පැවැත්වෙන අතර මන්චී ජාතික වොලිබෝල් තරගාවලියේ සමාරම්භක අවස්‌ථාවට වොලිබෝල් සම්මේලන සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සහ විදුලිබල හා බලශක්‌ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මැතිතුමා සහ සබරගමු පළාත් සභා සභාපති කාංචන ජයරත්න යන මැති ඇමැතිවරු සහභාගි වීමට නියමිතය. මෙම කටයුත්තේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන්නේද කාංචන ජයරත්න මහතාය.

මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී

Friday, 14 March 2014
 ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ සිලෝන් බිස්කට් සමාගම එක්ව හත්වෙනි වරටත් සංවිධානය කරන මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය 15 සහ 16 දෙදින තුළ ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ජාතික ක්‍රීඩාව රුවන්පුරයේ නව ජවයකින් ඉදිරියට යන තේමාවෙන් මෙවර තරගාවලිය පැවැත්වේ.
අවසන් මහා තරගාවලිය 16 වන දින පැවැත්වෙන අතර මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා සබරගමුව පළාත් සභා සභාපති කංචන ජයරත්න ඇතුළු මැති ඇමැතිවරු සහභාගි වීමට නියමිතය.
මෙම තරගාවලිය සඳහා උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ දක්ෂතම කාන්තා හා පිරිමි කණ්ඩායම් 36 ක් එක්වීමට නියමිතය.
වොලිබෝල් ක්‍රීඩාව රට තුළ තවදුරටත් ප්‍රචලිත කිරීම සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මගින් දියත්කර ඇති වොලිබෝල් තරග මාලාවක තවත් එක් පියවරක් මෙසේ ගොඩකවෙල කුලරත්න ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට පියවර ගත් බවද කංචන ජයරත්න සඳහන් කරයි.

 

 2014/02/05

යොවුන් වොලිබෝල් පිලට තේරීම් පරික්ෂණය 8දා

මේ වසරේ සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් බාලක කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනී‍ම සඳහා වු තේරීම් පරීක්ෂණය මේ මස 8දා පෙරවරු.9.00ට හෙයියන්තුඩුව ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ පරීක්ෂණයට 1997 ජනවාරි 1දාට පසුව උපන් ක්‍රීඩකයන්ට සහභාගි විය හැක.

 2014/02/03

දැයට කිරුළ බීච් වොලිබෝල් අයෑදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, දැයට කිරුළ ප්‍රදර්ශන කමිටුව ඒකාබද්ධව, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාවේ පූර්ණ අනුග්‍රහය යටතේ සංවිධානය කරනු ලබන 2014 දැයට කිරුළ ජාතික බීච් වොලිබෝල් තරගාවලිය මෙම 15 සහ 16 දෙදින මාරවිලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ සඳහා දිවයිනේ ඕනෑම ක්‍රීඩා සමාජයකට සහභාගීවිය හැකි අතර, එක්‌ ක්‍රීඩා සමාජයක්‌ නියෝජනය කරමින් උපරිම වශයෙන් කාන්තා කණ්‌ඩායම් 3 ක්‌ සහ පිරිමි කණ්‌ඩායම් 3ක්‌ ඉදිරිපත් කළ හැක.

මේ සඳහා ඉදිරිපත් වන ක්‍රීඩා සමාජ, ක්‍රීඩා සමාජයේ නම, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම්, උපන් දිනය, ජාතික හැඳුනුම්පත් අංකය, ක්‍රීඩා සමාජය අයත් දිස්‌ත්‍රික්‌කය සහ දුරකථන අංකය ඇතුළත් අයෑදුම්පත් මෙම 12 වැනි දිනට ප්‍රථම ඒ. එස්‌. නාලක, තරග ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අමාත්‍ය කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය, නො 234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්‌වත්ත, බත්තරමුල්ල යන ලිපිනයට හෝ දුරකථන අංක 0112864281/ 0112864137 ඔස්‌සේ µeක්‌ස්‌ මගින් යොමුකළ හැක

 ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලන රත්නපුර දිස්ත්‍රික් සංගමයේ සභාපති ධුරය කංචන ජයරත්නට
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ,රත්නපුර දිස්ත්‍රික් සංගමයේ සභාපති ධුරය සඳහා සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න පත්ව ඇත.
පසුගිය රත්නපුර, සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැති ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ වාර්ෂික සම්මේලනයේදී කංචන ජයරත්න මෙසේ රත්නපුර දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමයේ සභාපති ධුරයට නිතරගයෙන් පත්විය. එහි ‍ලේකම් ලෙස එච්.ඩී. සුසන්ත සුජීව පත්වූ අතර උපසභාපති ධුරයට නාගරික මන්ත්‍රී ටිරෝන් අත්තනායක, උප ‍ලේකම් ලෙස සමුදුර විජේසිංහ සහ භාණ්ඩාගාරික ලෙස යූ.එල්. මන්ජුල ප්‍රේමරත්න පත්විය.
 ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති නන්දන ගමාච්චි, ‍ලේකම් උපුල් සුසිත ප්‍රනාන්දු, තාක්ෂණ උපදේශක කිෂුලි සහ කොරියානු ටයිකොන්ඩෝ සම්මේලනයේ නියෝජිතයන් ඉදිරියේ පැවැති නිලවරණයේදී, රත්නපුර දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමයේ නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනිණ. මෙම අවස්ථාව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 500ක් පමණ සහභාගි වී සිටියහ.
රත්නපුර දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමයේ නව සභාපති ධුරයට තේරී පත්වූ කංචන ජයරත්න ජෝශප්වාස් විද්‍යාලයීය ආදි ශිෂ්‍යයකු වන අතර ක්‍රිකට්, වොලිබෝල්, පාපන්දු වැනි ක්‍රීඩාවන් රැසකින් එවකට පාස‍ලේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් ලෙස කීර්තියක් හිමිකරගෙන ඇත. කංචන ජයරත්න වර්තමානයේ ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ බළංගොඩ ලීගයේ සභාපති ධුරය හොබවන අතරම  ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති ලෙසද කටයුතු කරනු ලබයි.

රත්නපුර බළන්ගොඩ පාපන්දු ලීගයේ නව සභාපතිත්වය කංචන ජයරත්නට

රත්නපුර, බළන්ගොඩ පාපන්දු ලීගයේ නව සභාපති ධුරයට සබරගමුව පළාත් සභාවේ සභාපති ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ  උප සභාපති කංචන ජයරත්න තේරී පත්ව ඇත.
පසුගිය දා බළන්ගොඩ නගර සභා තානායම් ශ්‍රවණාගාරයේ දී නිලවරණය පැවැත්වීය.
ඉකුත් කාලසීමාව තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ බළන්ගොඩ පාපන්දු ලීගය අක්‍රිය තත්ත්වයේ පැවැති අතර එය යළි සක්‍රිය තත්ත්වයට පත් කිරීම උදෙසා නව නිලධාරී මණ්ඩලය පත් කෙරිණි.
දැනට දිවයින පුරා පාපන්දු ලීග 46ක් ස්ථාපිත කර ඇති අතර එය 100 දක්වා වර්ධනය කිරීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ    මහතා විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට උපදෙස් දී ඇත. ඒ අනුව කංචන ජයරත්න සභාපතිත්වයෙන් යුත් බළන්ගොඩ පාපන්දු ලීගය, මෙසේ අභිනවයෙන් ආරම්භ කළ 12 වැනි නව පාපන්දු ලීගයයි.
ඒ අනුව කංචන ජයරත්න බළන්ගොඩ පාපන්දු ලීගයේ නව සභාපති ධුරයට නිතරගයෙන් පත් වූ අතර ‍ලේකම් ධුරයට ඩියුක් ඩැනියෙල් පත් විය. භාණ්ඩාගාරික ලෙස බළන්ගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රී ධර්මසේන සමරසිංහත් ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස බළන්ගොඩ නගරාධිපති නිමල් ගාමිණී වීරසිංහත් පත් විය.
නව සභාපති ලෙස තේරී පත් වූ කංචන ජයරත්න ජෝශප් වාස් විද්‍යාලයීය ආදි ශිෂ්‍යයකු වන අතර ක්‍රිකට්, වොලිබෝල්, පාපන්දු වැනි ක්‍රීඩාවන් රැසකින් එවකට පාස‍ලේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් ලෙස නම් දරා ඇත. නිලවරණයෙන් නව සභාපති ධුරයට පත් වූ කංචන ජයරත්න අතින් ක්‍රීඩා සමාජවලට පාපන්දු ලබාදීමක් ද මෙදින සිදු විය.
රත්නපුර, වැලිගෙ‍පොල, ඉඹුල්පේ, බළන්ගොඩ සහ ඕපනායක යන ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාස පාපන්දු ලීගයට ඇතුළත් වූ අතර මෙම අවස්ථාව වෙනුවෙන් පාපන්දු ක්‍රීඩකයින් 200ක් පමණ සහභාගි වූහ.

 

 

2013/03/01
වොලිබෝල් නිලවරණයට හිටපු සභාපති නම් දෙයි


රත්නපුර දිස්ත්‍රික් අසහාය නායකයා මෙවරත් සබරගමුවට තෝරා ගනිමු
අංක 15 න් මෙවර වැඩිම මනාපයෙන්  සබරගමුවට පත් කරමු

අනුශාසක මණ්ඩලය


මහීපාල හේරත් මහතා
සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය







ප්‍රේමදාස කොඩිතුවක්කු මහතා
සබරගමුව පළාත් ප්‍රධාන ලේකම්‍
 
හේරත් .පී.කුලරත්න මහතා
සබරගමුව පළාත් ප්‍රධාන ලේකම්‍

ගරු සභාපති කාංචන ංයරත්න මහතා
ජායාරූපය එක් කළ යුතුයි
ගරු ලේකම
ජායාරූපය එක් කළ යුතුයි
ගරු භාණ්ඩාගාරික

Printfriendly