ඉන්දීය යුද හමුදා වොලිබෝල් කණ්‌ඩායම අද දිවයිනට
ශ්‍රී ලංකා යුද හමුදා වොලිබෝල් කමිටුවේ ආරාධනයෙන් ඉන්දීය යුද හමුදා වොලිබොල් කණ්‌ඩායම තරග දෙකකින් යුත් ප්‍රදර්ශන වොලිබෝල් තරගාවලියක් සඳහා අද (25 දා) දිවයිනට පැමිණීමට නියමිතය.
මෙහි පළමු තරගය මෙම 26 දා සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි තරගය මෙම 28 දා පස්‌වරු 3 ට කහවත්ත මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය ඉන්දීය සහ ශ්‍රී ලංකා යුද හමුදා කණ්‌ඩායම් අතර පැවැත්වේ.
කහවත්තේ පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ උප සභාපති සබරගමු පළාත් සභා මන්ත්‍රී කාංචන ජයරත්න මහතා විසින් සංවිධානය කරනු ලබන අතර එහි ප්‍රධාන අමුත්තා ලෙසින් විදුලිබල සහ බලශක්‌ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා සහභාගී වනු ඇත.
2012/02/15
මංචි ජාතික වොල්බෝල් තරගාවලිය -2012
2012 මංචි ජාතික වොල්බෝල් තරගාවලියේ නිවිතිගල මැතිවරන කොට්‍ඨාශයේ තරග 2012/03/04 වන දින පෙ.ව 8.30 ට නිවිතිගල මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙ සදහා නිසි පරිදි ඔබ විදුහලේ කණ්ඩායම සහභාගි කරවන ලෙස ඉල්ලා සිටින අතර එ් සදහා අවශ්‍ය අයදුම් පත්‍රයක්ද මෙ සමග අමුනා ඇත.
තවද මෙහි පළාත් තරගාවලිය රත්නපුර දස්ත්‍රික්කයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව වැඩි දුරටත් කාරුණිකව දන්වා සිටිමි.
මෙයට හිතවත්
......................
අත්සන් කලා
කාංචන ජයරත්න
උප සභාපති, හ්‍රී ලංකා වොලිබෝල් සම්මෙලනය
සභාපති, රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමය
සබරගමුව පළාත් අධ්‍යාපන , ක්‍රිඩා හා යෙෘවන කටයුතු අධීක්ෂණ මන්ත්‍රී