ජනාධිපති රන් කුසලාන වොලිබෝල්
ජාතික මට්ටමේ තරග 28 – 29 දෙදින කහවත්තේදී
ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගමාලාවේ ජාතික මට්ටමේ තරග ලබන 28 හා 29 දිනවල
කහවත්ත මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා ඩයලොග් ආසියාටා අනුග්‍රහයෙන් සංවිධානය කරනු ලබන මේ
තරගමාලාවේ දිස්ත්‍රික් මට්ටමේ තරගවල දස්කම් දැක්වූ පිරිමි හා කාන්තා කණ්ඩායම් 48ක්
ජාතික මට්ටමේ තරග සඳහා සුදුසුකම් ලබා සිටිති. රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමය
ජාතික මට්ටමේ තරග සංවිධානය කරයි.
අවසාන මහා තරග සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන්
වශයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන
ඇමැති ඩිලාන් පෙරේරා, සම්මේලනයේ උප සභාපති, සබරගමුව පළාත් සභා මන්ත්‍රී කාංචන
ජයරත්න, ඩයලොග් ආයතනයේ ප්‍රධාන විධායක නවුෂාඩ් පෙරේරා හා සන්නම් කළමනාකරු රිස්වි
ෆාරුක් යන මහත්වරු සහභාගි වීමට නියමිතය.
පසුගිය වසරේ ජනාධිපති රන් කුසලාන වොලිබෝල්
තරගමාලාවේ පිරිමි සූරතාව නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජයද කාන්තා සූරතාව
කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයද දිනා ගන්නා ලදී.
මෙවර තරගමාලාවේ ජාතික මට්ටමේ තරග සඳහා සුදුසුකම් ලැබූ කාන්තා හා පිරිමි කණ්ඩායම්
මෙසේය.
එකමුතු ක්‍රීඩා සමාජය-කොලොන්නාව හා බලරැස් ක්‍රීඩා සමාජය- බොරලැස්ගමුව (කොළඹ
දිස්ත්‍රික්කය). ග්‍රැන්මා ක්‍රීඩා සමාජය- බෙක්කේගම හා ලකී සික්ස් ක්‍රීඩා සමාජය -
පොතුපිටිය (කළුතර). ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය – රදාවාන හා සියනෑතරු ක්‍රීඩා
සමාජය (ගම්පහ). විජය ක්‍රීඩා සමාජය – අළුත්වල හා සාගර ක්‍රීඩා සමාජය බෙන්තොට
(ගාල්ල). ශාන්ත මැතිව් ක්‍රීඩා සමාජය - දෙනියාය හා සුහද ක්‍රීඩා සමාජය වැලිගම
(මාතර).
විජයබා ක්‍රීඩා සමාජය – හුංගම හා අරුණ ක්‍රීඩා සමාජය – තලගහමවාඩුව
(හම්බන්තොට). ධර්මපාල ක්‍රීඩා සමාජය – ඇහැලියගොඩ හා වලව ක්‍රීඩා සමාජය – රත්නපුර
(රත්නපුර). මායා ක්‍රීඩා සමාජය – කෑගල්ල හා රන්තරු ක්‍රීඩා සමාජය දෙබෑගම (කෑගල්ල)
මිණිගමුව ක්‍රීඩා සමාජය – ගලගෙදර හා එකමුතු ක්‍රීඩා සමාජය – වත්තේගම (මහනුවර).
මදුල්ලන්ස් ක්‍රීඩා සමාජය – හඟුරන්කෙත හා සංග්ස්ටා ක්‍රීඩා සමාජය – නුවරඑළිය
(නුවරඑළිය). වීරකැප්පෙට්ටිපොළ ක්‍රීඩා සමාජය – අකුරන්බොඩ හා සුපර්ෂයින් ක්‍රීඩා
සමාජය – රන්තොට (මාතලේ). මුදුනේගම ක්‍රීඩා සමාජය – තඹුත්තේගම හා සිංහ ක්‍රීඩා සමාජය
– මැදවච්චිය (අනුරාධපුරය). නන්දිමිත්‍ර ක්‍රීඩා සමාජය - පොළොන්නරුව හා එස්.එස්.සී.
ක්‍රීඩා සමාජය – කවුඩුල්ල (පොළොන්නරුව).
මේමලේ ක්‍රීඩා සමාජය - ස්ප්‍රිංවැලි හා
විවේකානන්ද ක්‍රීඩා සමාජය – බදුල්ල (බදුල්ල). නවෝද්‍යා ක්‍රීඩා සමාජය - සියඹලාණ්ඩුව
හා එස්.එස්.සී. ක්‍රීඩා සමාජය - සියඹලාණ්ඩුව (මොනරාගල). විජය ක්‍රීඩා සමාජය -
කොස්වාඩිය හා යුනයිටඩ් ක්‍රීඩා සමාජය – නාත්තන්ඩිය (පුත්තලම). කැෂුවල් ක්‍රීඩා
සමාජය – මාවතේගම හා දීප්ති ක්‍රීඩා සමාජය – නාගොල්ලාගම (කුරුණෑගල). අරුණ ක්‍රීඩා
සමාජය – බක්කිඇල්ල (අම්පාර). ෆාතිමා ක්‍රීඩා සමාජය – ත්‍රිකුණාමලය (ත්‍රිකුණාමලය).
යුනිටඩ් ක්‍රීඩා සමාජය – කන්කසන්තුරේ හා හින්දු යුත් ක්‍රීඩා සමාජය – ආවරන්ගල
(යාපනය). හෙළවිරු ක්‍රීඩා සමාජය – වව්නියාව හා එක්සත් තරුණ ක්‍රීඩා සමාජය –
වව්නියාව (වව්නියාව). පූතියා භාරති ක්‍රීඩා සමාජය – කිළිනොච්චිය (කිළිනොච්චිය).
සාන්ත මේරි ක්‍රීඩා සමාජය – මන්නාරම (මන්නාරම) මිනෝලි ක්‍රීඩා සමාජය – මාන්කුලම් හා
තුනුක්කායි ක්‍රීඩා සමාජය – තුනුක්කායි (මුලතිව්)
අද, හෙට, අනිද්දා, යන තෙදින පැවැත්වෙන මෙම විනිසුරුවන් පුහුණු කිරීමේ තෙදින වැඩමුළුවට මේ වනවිටත් අයදුම්කරුවන් 200 ට ආසන්න පිරිසක් අයදුම්කර ඇතැයි රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති හා සබරගමුව පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න මහතා පැවසුවේය.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, වොලිබෝල් විනිසුරුවන්ගේ සංගමය, තරුණ කටයුතු අමාත්‍යාංශය, සබරගමු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව, ජාතික තරුණ සේවා සභාව, රත්නපුර දිස්ත්‍රික් යෞවන සමාජ බල මණ්ඩලය යන ආයතනවල පූර්ණ සහයෝගය ඇති ව රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමය මෙහෙයවන මෙම විනිසුරු පුහුණු කඳවුරේ සමාරම්භක උත්සවය ඇඹිලිපිටියේ ග්‍රාමීය නායකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ අද පස්වරු 3.30ට තරුණ කටයුතු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඇරැඹේ.
රත්නපුර වොලිබෝල් විනිසුරු පුහුණු කඳවුර අද
2009/11/13
රත්නපුර දිස්ත්‍රික්කයේ පසුගිය දීර්ඝ කාලය පුරා බිඳවැටී තිබූ වොලිබෝල් ක්‍රීඩාව යළි නඟාසිටුවීමේ තවත් එක් පියවරක් ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ වොලිබෝල් විනිසුරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් අද ඇරඹේ.අද, හෙට, අනිද්දා, යන තෙදින පැවැත්වෙන මෙම විනිසුරුවන් පුහුණු කිරීමේ තෙදින වැඩමුළුවට මේ වනවිටත් අයදුම්කරුවන් 200 ට ආසන්න පිරිසක් අයදුම්කර ඇතැයි රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති හා සබරගමුව පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න මහතා පැවසුවේය.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, වොලිබෝල් විනිසුරුවන්ගේ සංගමය, තරුණ කටයුතු අමාත්‍යාංශය, සබරගමු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව, ජාතික තරුණ සේවා සභාව, රත්නපුර දිස්ත්‍රික් යෞවන සමාජ බල මණ්ඩලය යන ආයතනවල පූර්ණ සහයෝගය ඇති ව රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමය මෙහෙයවන මෙම විනිසුරු පුහුණු කඳවුරේ සමාරම්භක උත්සවය ඇඹිලිපිටියේ ග්‍රාමීය නායකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ අද පස්වරු 3.30ට තරුණ කටයුතු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඇරැඹේ.
රත්නපුරයේ වොලිබෝල් පුහුණු කඳවුරු 3 ක්
2009/11/28
රත්නපුර
දිස්ත්‍රික්කයේ වොලිබෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ තවත් එක් ක්‍රියාවලියක්
ලෙස වොලිබෝල් පුහුණු කඳවුරු 3 ක් පැවැත්වීමට රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල්
සංගමය තීරණය කැර ඇත.
මෙහි
ප්‍රථම කඳවුර මේ 27 දා සිට 29 දක්වා පුස්සැල්ල අධ්‍යාපන සම්පත්
මධ්‍යස්ථානයේ පැවැත්වෙන බව රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති හා
පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න මහතා පවසයි. මෙහි සෙසු කඳවුරු 2 ක
ඇඹිලිපිටිය හා බලංගොඩ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ
කඳවුරු සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, රත්නපුර දිස්ත්‍රික් යෞවන සමාජ
බල මණ්ඩලය, ජාතික තරුණ සේවා සභාව සහ සබරගමු පළාත් සභාව පූර්ණ අනුග්‍රහය
දක්වති.