පුවත් පත් වලින්


බළන්ගොඩ පාපන්දු ලීගයේ නව සභාපතිත්වය කංචන ජයරත්නට

ඉකුත් කාලසීමාව තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ බළන්ගොඩ පාපන්දු ලීගය අක්‍රිය තත්ත්වයේ පැවැති අතර එය යළි සක්‍රිය තත්ත්වයට පත් කිරීම උදෙසා නව නිලධාරී මණ්ඩලය පත් කෙරිණි.
දැනට දිවයින පුරා පාපන්දු ලීග 46ක් ස්ථාපිත කර ඇති අතර එය 100 දක්වා වර්ධනය කිරීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ    මහතා විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට උපදෙස් දී ඇත. ඒ අනුව කංචන ජයරත්න සභාපතිත්වයෙන් යුත් බළන්ගොඩ පාපන්දු ලීගය, මෙසේ අභිනවයෙන් ආරම්භ කළ 12 වැනි නව පාපන්දු ලීගයයි.
ඒ අනුව කංචන ජයරත්න බළන්ගොඩ පාපන්දු ලීගයේ නව සභාපති ධුරයට නිතරගයෙන් පත් වූ අතර ‍ලේකම් ධුරයට ඩියුක් ඩැනියෙල් පත් විය. භාණ්ඩාගාරික ලෙස බළන්ගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රී ධර්මසේන සමරසිංහත් ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස බළන්ගොඩ නගරාධිපති නිමල් ගාමිණී වීරසිංහත් පත් විය.
නව සභාපති ලෙස තේරී පත් වූ කංචන ජයරත්න ජෝශප් වාස් විද්‍යාලයීය ආදි ශිෂ්‍යයකු වන අතර ක්‍රිකට්, වොලිබෝල්, පාපන්දු වැනි ක්‍රීඩාවන් රැසකින් එවකට පාස‍ලේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් ලෙස නම් දරා ඇත. නිලවරණයෙන් නව සභාපති ධුරයට පත් වූ කංචන ජයරත්න අතින් ක්‍රීඩා සමාජවලට පාපන්දු ලබාදීමක් ද මෙදින සිදු විය.
රත්නපුර, වැලිගෙ‍පොල, ඉඹුල්පේ, බළන්ගොඩ සහ ඕපනායක යන ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාස පාපන්දු ලීගයට ඇතුළත් වූ අතර මෙම අවස්ථාව වෙනුවෙන් පාපන්දු ක්‍රීඩකයින් 200ක් පමණ සහභාගි වූහ.
 2013/12/14

අන් කවරදාටත් වඩා වර්තමානයේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නව පිබිදීමක් සිදුවී තිබෙනවා

‘හොඳම දේ දරුවන්ට’ යන සංකල්පය වඩාත් අර්ථවත් කරමින් ජනාධිපතිතුමා යටතේ ක්‍රීඩාව සඳහා අලුත් මානයක් ලැබි ඇතැයිද කංචන ජයරත්න අවධරණය කරයි.ඩී.එස්.අයි. සමස්ත ලංකා වොලිබෝල් ශූරතාවලියේ 14 පහළ බාලිකා තරගාවලියේ ප්‍රථම ස්ථානය හිමිකරගත්, රත්නපුර රත්නාලෝක මහා විද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායමට උපහාර පිදීම සඳහා පසුගියදා එම විද්‍යාලයේ පැවති උත්සව අවස්ථාවට සහභාගි වෙමින් කංචන ජයරත්න මැතිතුමා මේ බව සඳහන් කළේය.

 ජාතික ක්‍රීඩාව ලෙස වොලිබෝල් ක්‍රීඩාව වර්තමානයේ සැලකිය යුතු ලෙස ඉදිරියට පැමිණ ඇති බවත්, කලක් වොලිබෝල්  ක්‍රීඩාව පසුබෑමකට ලක්ව තිබූ බවත්. ඉතිහාසයේ කවරදාකවත් නොවූ ලෙස  වොලිබෝල් ක්‍රීඩාව සමාජය තුළ ප්‍රචලිත කිරීමට හැකිවූ බවත් කංචන ජයරත්න පැවසීය. 

 අඩුපාඩුකම්  යටතේ  ක්‍රීඩා  කරන රත්නපුර රත්නාලෝක මහා විද්‍යාලයේ 14 පහළ බාලිකා වොලිබෝල් කණ්ඩායම, සමස්ත ලංකා කිරුළ හිමිකර ගැනීම සෙසු විද්‍යාලවලට ආදර්ශයක් බවද කංචන ජයරත්න වැඩිදුරටත් කීය.මෙම උපහාර උළෙ‍ලේදී රත්නාලෝක මහා විද්‍යාලයේ 14 පහළ වොලිබෝල් කණ්ඩායමේ පුහුණුකරු වන පුස්සැල්‍ලේ පඤ්ඥාලෝක  හිමියන්ටද විශේෂ උපහාරයක් පිරිනැමීය. 

එමෙන්ම ශූරතාව හිමිකරගත් කණ්ඩායමට ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කළ අතර සමස්ත  විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත පාසල් උපකරණ බෙදාදෙන ලදී.මෙම  අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී අලගියවන්න, විද්‍යාලයේ විදුහල්පති ඩබ්. නිමල් කරුණාසේන ඇතුළු විද්‍යාලයේ ගුරුවරුන්, පාස‍ලේ සිසු දරුදැරියන් විශාල පිරිසක් එක්ව සිටියහ.
http://www.rivira.lk/edition/images/2013/12/14/nation.jpg

  20130226-booklaunchenew.jpg

 සුන්දර රාත්‍රියක්‌ මෙතරම්....

ශත වසරකට මදක්‌ වැඩි ලෝක වොලිබෝල් ඉතිහාසයද, ශත වසරකට මදක්‌ අඩු මෙරට වොලිබොල් ඉතිහාසයද අතහැරුණු තැනක්‌ නොමැති තරමටම එකතුකර පිටු 295 ක්‌ මත සටහන් කිරීම වූ කලී 'වොලිබෝල් එදා සිට අද' ග්‍රන්ථයයි. ඉකුත් 12 වැනිදා සැන්දෑවේ කොළඹ ගෝල්ෙෆ්ස්‌ හෝටලයේදී මේ පොත එළිදැක්‌වුනේ නිකම්ම නොවේ. මෙරට වොලිබෝලයේ 'සජීවී ඉතිහාසය පොත්' දුසිම් ගණනක්‌ එකම සභාවකට කැඳවා පිදුම් දෙමිනි.

වොලිබෝලය මේ සා බැබලුණු දවසක්‌ මෑත යුගයේ නොමැති තරම්ය.
ජීවිතයේ ජවසම්පන්නම අවධිය හෙවත් හොඳම කාලය වොලිබෝල් වෙනුවෙන් උපරිමයෙන් කැපකිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින් ජාතික කණ්‌ඩායම නියෝජනය කරන්නට වරම් ලැබූ, නමුත් ලෝක දහමට අනුව ගත සවි ගිලිහුණුදා ඒවා මතකයන් පමණක්‌ බවට පත්ව සිටි එදා වොලිබොල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 'කල්ලිගැසී' ඒ මිහිරි මතක අවධිකරනු අපි ඒ සැන්දෑවේ දුටුවෙමු. එය සොඳුරු හමුවක්‌ විය. එදා කළ ඒ කැපකිරීම්, සම්මානයෙන් පිදුම් ලැබූ අපූරු රාත්‍රියක්‌ විය.

තමන් ජීවිතය මෙන් ආදරය කළ ක්‍ෂේත්‍රය 'උන්නාද මළාද?' තරමටවත් තමන් ගැන නොසිතන්නේදැයි දෝමනස්‌සයෙන් සිටි එදා වොලිබෝල් 'දැවැන්තයන්' මෙදා ඔවුන්ව ඇගයද්දී ඒ දැනුණු දැවැන්ත සතුට සිනහව තුළින් නැගෙන කඳුලක්‌ බවට පත්ව දෝරෙගලනා අයුරු අතිශයින් සංවේදී විය.

උත්සව සභාව අරඹමින් වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කළ පිළිගැනීමේ කථාව හානා හීය ගැන පානා අඬහැරයක්‌ම වුණි. ඔහු හදවතින් කථාකළේය. දේශපාලන වේදිකාවක්‌ මත ගැලරියේ 'විසිල් හඬට' ලොල්ව කරනා කථාවකින් බොහෝ ඈතට ගිය ඒ කථාවේ සැලකියයුතු ඉඩක්‌ 'වොලිබොල් එදා සිට අද ' ග්‍රන්ථයේ සංස්‌කාරක,වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් සුසිල් රණසිංහ මහතා වෙනුවෙන් වෙන්කළේය.

සැබැවි. සුසිල් ගැන කථානොකර එම අවස්‌ථාව ගැන කථාකිරීම උගහටය. මේ ඉතිහාසගතවන අවස්‌ථාව සඳහා දරදිය ඇද්දේද, හේතු සැපයුවේද, දේශීය වොලිබෝලය අපේක්‍ෂාවක්‌ පමණක්‌ ලෙසින් සදහටම පැවතීමට නියමිත වූවක්‌ යථාර්ථයක්‌ බවට පත්කළේද සුසිල් රණසිංහ විසිනි. මෙය සුසිල්ගේම මංගල්‍යයකි.

එහෙත් ඒ සා උත්කර්ෂවත් මේ මොහොතට සුසිල්ගේ බිරිඳ පැමිණ නොසිටියාය.

'ඇයි සුසිල් කෝ නෝනා?' කියා ඩිලාන් පෙරේරා උත්සවය ඇරඹීමට මොහොතකට පෙර සුසිල්ගෙන් ඇසුවේය.

'මෙතන ඉන්න අය තරම් එයා වොලිබෝල් වලට දෙයක්‌ කරල තියෙනවද?'

සුසිල් සිනාසෙමින් එසේ කීවේ මෙදා මේ සභාව සෑදී ඇත්තේ වොලිබෝලය වෙනුවෙන් උපරිමයෙන් දායක වූ පිරිසටය යන්න නොකියා කියමිනි.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වොලිබෝලයට සහතික පිට සහතික දුන්නා පමණක්‌ නොව නුදුරේදීම මෙරට සෑම ග්‍රාමසේවා වසමකින්ම වොලිබෝල් කණ්‌ඩායමක්‌ හෙවත් සමස්‌ත ශ්‍රී ලංකාවෙන් වොලිබෝල් කණ්‌ඩායම් 15,000ක්‌ පමණ බිහිකරන බවට 'දැවැන්ත' පොරොන්දුවක්‌ද මෙහිදී ලබා දුන්නේය.

අනතුරුව 'වොලිබෝල් එදා සහ අද ' පොත ප්‍රධාන අමුත්තන් අතට පත්කෙරිණි. මාධ්‍යයේ අපටද පිටපත බැගින් ලැබුණි. මුල සිට අගට එහි තැනින් තැන අහඹූ ලෙස පෙරලද්දී ඒ හැමතැනකට දුටු තොරතුරු, ජායාරූප, දත්ත ආදී සියල්ල පැවසූවේ මෙය නම් එසේ මෙසේ කාර්යයක්‌ නොවන වගය.

1955දී පළමු වරට මෙරටට පැමිණි විදෙස්‌ වොලිබෝල් කණ්‌ඩායම වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් කණ්‌ඩායමේ සියලු තතුද, 1956දී ශ්‍රී ලංකාවෙන් විදේශයකට ගිය පළමු වොලිබෝල් කණ්‌ඩායම හෙවත් ටී.ඩී.එල් චාල්ස්‌ගේ නායකත්වයෙන් යුත් කණ්‌ඩායම ගැනද ලෙසින් ඉතිහාසක්‌ පුරා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරග සහභාගීත්වය එකක්‌ නෑර මේ පොතේ ඇත්තේය. 1951දී අග්‍රාණ්‌ඩුකාර ශ්‍රීමත් සෝල්බරි සාමිතුමාගේ අනුශාසකත්වයෙන් සහ ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතාගේ සභාපතිත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වොලිබෝල් සම්මේලනය පිහිටුවීම සහ එමගින් සංවිධානය කළ අන්තර් පාසල් තරගාවලියේ පළමු කුසලාන වැල්වැටිතුරේ සිදම්බරම් විදුහලත්, අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කළ රජයේ පාසල් තරගාවලියේ පළමු කුසලාන යාපනය විග්නේශ්වර විදුහලත් දිනාගැනීම ආදී එහි සඳහන් කරුණු අපට කාලය සහ යුද්ධය විසින් වලදැමූ වටිනා අතීතයක්‌ හෙළි කරන්නේය. ඒ පොතේ නොමැත්තක්‌ නොමැත. නිමාවද අගනේය.

ඒ පොත දොරට වැඩි ඒ සන්µdවද ඒ පොත මෙන්ම 'අගනා නිමාවකින්' යුක්‌ත විය. පිදිය යුත්aතෝ පිදුම් ලැබූහ. කරන්නන් වාලේ නොකර කොළඹ තරු හෝටලයක්‌ තුළ, නැටුම් ගැයුම් වැයුම් වලින් අපූරුවට 'සරසා' කළ 'වැඩිහිටි වන්දනාවක්‌' වුණි ඒ සැන්දෑව.

1956 වසරේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් වෙත ගොස්‌ මෙරට පළමු ජාත්‍යන්තර තරග අත්දැකීම ලැබූ කණ්‌ඩායමේ දැනට ජීවතුන් අතර සිටින එකම ක්‍රීඩකයා වන එල්.ඒ.ඩී. ප්‍රේමරත්න හෙවත් පාසල් වයසේදීම ලංකා කණ්‌ඩායම මෙහෙයවීමේ වරම් හිමිවූ සුවිශේෂී ක්‍රීඩකයා පළමුවෙන් පිදුම්ලබද්දී, 1959 ශ්‍රී ලංකාවේදී සමස්‌ත ඉන්දීය කණ්‌ඩායම සමගින් තරගවැදුණු ජාතික කාන්තා කණ්‌ඩායමේ ක්‍රීඩිකාවක්‌ වූ සුනේත්‍රා කුලතුංග සම්මාන ලැබුවේ සම්මාන ලැබූවන් අතර ජ්‍යෙෂ්ඨම කාන්තාව වශයෙනි. දශකයෙන් දශකයට ලෙස උපහාර පිදුණු උළෙලේ 1982/90 වකවානුවේ මෙරට ජාතික කණ්‌ඩායම නියෝජනය කළ රන්තිලකා ජයවීර වැනි එදා පිටිය හෙල්ලු ක්‍රීඩිකාවන්ද,එකල්හී ජාතික තලයේ කැපී පෙනුණු ආනන්ද වන්නිතිලකද, 1993 සිට 2006 දක්‌වා ජාතික කණ්‌ඩායම නියෝජනය කරමින් වැඩිම කලක්‌ ජාතික කණ්‌ඩායමේ රැඳීසිටීමේ වාර්තාව උසුලන කාලික වසන්තප්‍රිය (1993/2006)ද ලෙසින් එකී මෙකී නොකී සියලු වොලිබෝල් 'විරුවෝ' පිදුම් ලැබූහ.

1991 සාෆ් ක්‍රීඩා උළෙලේ රන් පදක්‌කම දිනාගනිමින් ඉතිහාසයේ පළමු ජාත්‍යන්තර වොලිබෝල් රන් පදක්‌කම ශ්‍රී ලංකාවට දිනාදුන් රේණුකා අබේගුණවර්ධන යාපා ප්‍රමුඛ කණ්‌ඩායමට උපහාර පිදීමේදී සංරක්‍ෂිත දර්ශන මගින් ඒ අතීතය කැඳවන විට රෝමකූප සෘජු නොවුණු අයෙක්‌ ඒ උත්සව සභාවේ සිටියායෑයි අපි නොසිතමු.

මේ මොහොත මොනතරම් හැඟුම්බරවීද යත් කිසිදාක නොසිතූ මෙවන් කෙළෙහිගුණ දැක්‌වීමක්‌ දරාගත නොහැකිව ඒ ඇස්‌ අගින් කඳුලු කැට කඩාවැටෙනු දුටුවෙමු. ඒ කඳුලු අතර සුවිශේෂී කඳුල වූයේ සුසිල් රණසිංහගේ නෙතෙහිය. වොලිබෝලයේ තැනක්‌ නොතැනක්‌ නෑර, වෙලාවක්‌ අවේලාවක්‌ නෑර සිය දැඩි ප්‍රතිපත්ති හරහා සේන්දුවන ඒ මිනිසාට කඳුලු උනන ග්‍රන්ථි පිහිටා ඇති බවක්‌ වොලිබොල් ප්‍රජාව පළමුවරට දැකගත් මොහොත මෙය විය යුතුය.

ඒ සියල්ලට වඩා එකී සන්µdවේ අප දුටු අසිරිමත් සිදුවීම නම් මෙයයි. ඒ චරිත රත්වත්තේ හෙවත් මෙරට වොලිබෝල් ක්‍රීඩාවේ අද්විතීය චරිතයට එහි රැඳුණු පිරිස්‌ ලබාදුන් ගෞරවයයි.

සුදුස්‌සාට සුදුසුතැන දෙමින් ඔහුව ඒ සභාවට කැඳවීමට වොලිබෝල් සම්මේලනය ක්‍රියාකර තිබීම රත්වත්තේ මහතා විෂයෙහි පළමු ගෞරවය විය. ඒ ගෞරවය හේතුවෙන්ම 80 දශකයේ ක්‍රීඩකයන්ට උපහාර පිදීමට රත්වත්තේ මහතා ආරාධනා ලැබුවේය. ඔහු අතින් සම්මාන හිමිකරගත් කිසිවෙකුත් අතට අතදී පමණක්‌ යන්නට ගියේ නැත. එදා වොලිබොල් සම්මේලනයේ සභාපති ධූරය දරමින් සහ ජාතික තරුණ සේවා සභාව වොලිබෝල් තෝතැන්නක්‌ බවට පත්කරමින් තමන්ව ජාතික තලයට කැඳවීමට මේ මහාර්ඝ මිනිසා කළ සේවය පිළිබඳ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුළ වූ ගෞරවය කොතෙක්‌ද යත් ඒ හැමකෙක්‌ම සම්මාන ලබාගත්තේ රත්වත්තේ මහතාගේ දෙපා නැමැදය.ඒ වැඳුමක්‌ වැඳුමක්‌ පාසාම චරිත රත්වත්තේ නම් සාර්ථක වොලිබෝල් පාලකයා වෙනුවෙන් එම ක්‍රීඩකයන් නිහඬ සම්මානයක්‌ පිදුවේය.

ඒ දසුන්, ඕනෑම පරිපාලකයෙකුට ගන්නට ආදර්ශයක්‌ම විය. පරිපාලකයෙක්‌ වීමද පහසු නැත. එහෙත් අනාගතය විසින් ඉතිහාසයේ ගෞරවාන්විත චරිතයක්‌ බවට පත්කර වැඳුම් ලබන පරිපාලකයෙක්‌ වීම කිසිසේත් පහසු නැත.

මේ සියල්ල දැකගැනීම, දැනගැනීම වෙනුවෙන් වේදිකාව සැපයූ ඩිලාන් පෙරේරාද අනාගතයේ දිනක චරිත රත්වත්තේ කෙනෙකු වීමට කැමති විය යුතුය.

ඉන්ද්‍රජිත් සුබසිංහ

පෙබරවාරි 12 වැනිදා
වොලිබෝල් සියල් සපිරි දිනයක්‌..


මේ වර්තමානය මොහොතකින් අතීතයට එකතුවේ. අනාගතය තවම ඉපදී නැත. එබැවින් ඒ පිළිබඳ නිශ්චිත සටහනක්‌ නැත. නමුත් ඉතිහාසය සහ වර්තමානය පිළිබඳව සටහන් තැබිය හැකිය. එය එසේ වුවත් බොහෝ ක්‍ෂේත්‍ර වල ඉතිහාසය වර්තමානය දක්‌වා ගලා ආ ආකාරය පිළිබඳ විධිමත් සටහන් නැත. එබැවින් ඉතිහාසයේ තතුවිත්ති සී සී කඩ විසිර ගොසිනි. මේවා එකතැන් කර පුරුකෙන් පුරුක ඇමුණු අඛණ්‌ඩ ඉතිහාස කථාවක්‌ බවට පත්කිරීම ලෙහෙසි නැත. එහෙත් එය කළ යුත්තකි. එය හුදෙක්‌ ඉතිහාස කථාවක්‌ පමණක්‌ නොව, අදාළ ක්‍ෂේත්‍රය පිළිබඳව සාහිත්‍යයක්‌ බවටද, අනාගතය සැලසුම්කිරීමේ පදනමක්‌ ලෙසින්ද මහා වටිනාකමක්‌ එයට හිමිවේ. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මෙය හඳුනාගත් මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සංවිධාන අතලොස්‌ස අතරට මේ 12 වැනිදා එකතුවනු ඇත.

ඒ 'වොලිබෝල් එදා සිට අද ' නැමැති ග්‍රන්ථය එළිදක්‌වමිනි. වසර 1 1/2ක සුවිශාල කැපකිරීමක ප්‍රතිඵලය ලෙසින් ජාතික සහ ජාත්‍යන්තර සමස්‌ත වොලිබෝල් ක්‍ෂේත්‍රය ආරම්භයේ සිට අවසානය දක්‌වා පිටු 295කට අන්තර්ගත කළ මේ ග්‍රන්ථය 12 වැනිදා පස්‌වරු 5.00ට ගෝල්ෆේස්‌ හෝටලයේ ග්‍රෑන්ඩ් බෝල්රූම් ශාලාවේදී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්‌වීමට නියමිතය.

වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඇතුළු කණ්‌ඩායමේ සංකල්පයක්‌ වන 'වොලිබෝල් පවුල' විසින් අඛණ්‌ඩ වසර 8ක පාලන කාලය තුළ කරන ලද වඩාත් කැපීපෙනෙන කාර්යයන් අතරට 'වොලිබෝල් එදා සිට අද' එකතුවෙනු නොඅනුමානය. මෙරට වොලිබෝල් පරිපාලනයේ සුවිශේෂී චරිතයක්‌ වන වත්මන් වොලිබොල් සම්මේලනයේ ලේකම් සුසිල් රණසිංහ මහතාගේ සංස්‌කරණයක්‌ වන මේ පොත විසින් ඔහුට මෙරට වොලිබෝල් ගමන පිළිබඳ අනාගතයේ ලියවෙන ලියවිල්ලක පරිච්ඡේද කිහිපයක්‌ම වෙන් කර දෙනු නියතය.

වොලිබෝලය යනු ලොව රටවල් 200කට වැඩි සංඛ්‍යාවක්‌ දක්‌වා විහිද පවතින රූස්‌ස ගසකි. ඒ ගසේ කේශ මූලයක සිට අත්තක්‌, ඉත්තක්‌, කොලයක්‌ නෑර 'වොලිබෝල් එදා සිට අද ' ග්‍රන්ථයට විෂය වී තිබේ.

1895දී වොලිබෝල් ක්‍රීඩාව බිහිවීම, එහි විකාශනය, ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලය පිහිටුවීම, ඔලිම්පික්‌ ක්‍රීඩාවක්‌ ලෙසින් වොලිබෝල් ක්‍රීඩාව එකතුවීම, ලොව වොලිබෝල් කලාප, ආසියාවට වොලිබෝල් ක්‍රීඩාව හඳුන්වාදීම, ශ්‍රී ලංකාවට වොලිබොල් ක්‍රීඩාව පැමිණීම, දශකයෙන් දශකයට ශ්‍රී ලංකාවේ වොලිබෝල් ඉතිහාස කථාව, වොලිබෝල් ක්‍රීඩාවේ නීතිරීති වල විකාශනය, බීච් වොලිබෝල් ක්‍රීඩාව ආදිය පිළිබඳව පමණක්‌ නොව ජාත්‍යන්තර වොලිබොල් සම්මේලන තරගාවලි, බීච් වොලිබෝල් තරගාවලි, ඔලිම්පික්‌ වොලිබෝල් තරගාවලි සහ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගාවලි වල ප්‍රතිඵල ආදියද, නිවැරදි සහ සහතික කළ දත්ත සහිතව ඉදිරිපත් කිරීම මගින් මේ පොත වොලිබෝලයේ ස්‌පර්ශ නොකළ තැනක්‌ නොමැති තරමට පිරිපුන්ය.

ලෝක වොලිබෝල් ඉතිහාසය සොයාගැනීමට වඩා මෙරට වොලිබෝල් ඉතිහාසය සොයා යැම මේ පොත සම්පාදනය කළ 'වොලිබෝල් පවුලට' දුෂ්කර විය.

'මේ වැඩේට තොරතුරු හොයන්න යාපනයට විතරක්‌ 6 වතාවක්‌ යන්න වුනා' යෑයි 'වොලිබෝල් එදා සිට අද' හි සංස්‌කාරක ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් සුසිල් රණසිංහ මහතා අප සමග පැවසූ දෙයින් ඒ දුෂ්කරතාව පිළිබඳ අපට සිතාගත හැකිය.

කාලයාගේ ඇවෑමෙන් අතුරුදන්ව යැමට තිබූ මෙරට වොලිබෝලයේ සොඳුරු අතීත අවදීන් යළි මතුකරගනිමින් අනාගතයට දායාද කිරීමට මෙමගින් හැකිව ඇත්තේය.

මේ ඒ සඳහා උදාහරණයකි. වැල්වැටිතුරේ සිදම්බරම් විද්‍යාලය මෙරට මිනිසුන් දන්නේ ත්‍රස්‌ත නායක ප්‍රභාකරන් ඉගෙනුම ලැබූ විදුහල ලෙසින් පමණකි. නමුත් එය දේශීය වොලිබෝල් ඉතිහාසයේ කිසිවෙකුට බිඳ දැමිය නොහැකි වාර්තාවක්‌ උසුලන පාසලකි. ඒ 1951 වසරේදී පළමු සමස්‌ත ලංකා පාසල් වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනාගත් පාසල වශයෙනි. එදා ඒ ඓතිහාසික ජයග්‍රහණය ලබාගත් කණ්‌ඩායමේ නායක සී. පද්මනාදන් අදටද ජීවතුන් අතර සිටියි. ඔහුගේ වොලිබෝල් සැමරුවද මේ පොතට ඇතුළත්ව තිබේ.

වඩාත් සුවිශේෂී කරුණ වන්නේ අන්තර්ගතය අතින් මිල කළ නොහැකි තරම් වටිනා මේ පොත සම්පූර්ණයෙන්ම නොමිලේ බෙදාදීමට කටයුතු කර තිබීමයි.

වොලිබෝල් සම්මෙලනයේ සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සහ වොලිබෝල් පවුලේ සැම විසින් ගත් වටිනා තීරණයක්‌ ලෙසින් එය පැසසුම් කටයුතුය.

මෙරට සියලු පුස්‌තකාල, විශ්වවිද්‍යාල, ජාතික ක්‍රීඩා විද්‍යායතන මෙන්ම වොලිබෝල් විෂයෙහි කැපවීමක්‌ සහිත පාසල් සියල්ලටද මෙය බෙදාදීමට කටයුතු යොදා තිබේ.

වොලිබෝල් ක්‍රීඩාව උපන් 1895 වසරේ සිට 2011 වසර දක්‌වා වසර 116 ක ගමනකද මෙරට වොලිබෝල් ක්‍රීඩාව උපන් 1916 සිට 2011 දක්‌වා වසර 97 ක ගමනද පිටු 295ක සටහන් කර එළිදැක්‌වෙන ඒ මොහොතේ තවත් අපූරු කාර්යයක්‌ යෙදී තිබේ.

ඒ එදිනට ජාතික මට්‌ටමේ 'දීර්ඝ ඉතිහාස පොත්' ගණනාවක්‌ද මේ අවස්‌ථාවට එකතුවන බැවිනි.

එදා මෙදා තුරු ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපතිත්වය දැරූ ජීවතුන් අතර සිටින සියළුදෙනා ඒ සඳහා සහභාගිකරවා ගැනීමට 'වොලිබෝල් පවුල' කටයුතු යොදා තිබේ. එමෙන්ම 1951 සිට 1991 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල දක්‌වා ශ්‍රී ලංකාව නියෝජනය කළ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිදීමක්‌ද මේ අවස්‌ථාවට සමගාමීව සිදුකෙරේ. මෙරට වොලිබෝල් ඉතිහාසයේ එවැන්නක්‌ සිදුවනුයේ පළමු වතාවටය.

එනම් එළඹෙන 12 වැනිදාව වොලිබෝල් වංශ කථාවේ 'සියල් සපිරි' දිනයක්‌ බවට පත්වනවා ඇත.

ඉන්ද්‍රජිත් සුබසිංහ

වොලිබෝල් එදා සහ අද’ ග‍්‍රන්ථය 12 දා දොරට වඞී

2013 පෙබරවාරි මස 08 18:07:46 | .
ශ්‍රී ලංකාවේ වොලිබෝල් කී‍්‍රඩාවේ ඉතිහාසය පිළිබඳ සුසිල් රණසිංහ මහතා විසින් සම්පාදනය කරන ලද ග‍්‍රන්ථය මේ මස 12 වැනිදා ප. ව. 5.00 ට ගෝල්ෆේස් හෝටලයේදී එළිදැක්වීමට නියමිතය.
‘වොලිබෝල් එදා සහ අද’ යනුවෙන් නම් කර ඇති මෙම ග‍්‍රන්ථයේ සංස්කාරක සුසිල් රණසිංහ මහතා වොලිබෝල් සම්මේලනයේ ප‍්‍රධාන ලේකම්වරයාද වෙයි. ශී‍්‍ර ලංකා වොලිබෝල් කී‍්‍රඩාවේ දුර්ලභ තොරතුරු, ඡයාරූප, මෙන්ම වොලිබෝල් කී‍්‍රඩාවට අදාල ඓතිහාසික කරුණු වලින්ද මෙම ග‍්‍රන්ථය සමන්විත වේ.   
මෙම ග‍්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී 1951 වසරේ සිට 1991 වසර දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කළ කී‍්‍රඩික කී‍්‍රඩිකාවන්ට උපහාර පිරිනැමීමේ වැඩසටහනක්ද පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම් වලට නායකත්වය දුන් එල්. ඒ. ඞී. පේ‍්‍රමරත්න (1955), ජෝර්ජ් ප‍්‍රනාන්දු (1970), එල්. පී. පෙරේරා (1973-1974), නන්දා ගණේගොඩ (1970-1973), සොපායා ධර්මසේන (1973), යසා රාමචන්ද්‍ර (1973), විජේසිරි අමරසිංහ (1981), ජයන්ත පෙරේරා (1973), රන්තිලකා ජයවීර (1982 -1990), මධුකා කිරිඇල්ල (1981), ජේ. සිරිවර්ධන (1982), ජයසිරි පෙරේරා (1984), ආනන්ද වන්නිතිලක (1985-1989), කාලික වසන්තපි‍්‍රය (1993-2006), රේණුකා අබේගුණවර්ධන යාපා (1990-1991) යන මහත්ම මහත්මීන් ඇතුලූව හිටපු කී‍්‍රඩික කී‍්‍රඩිකාවෝ 122 දෙනෙකුට උපහාර පිරිනැමේ.
කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබයි. ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති තනතුර හෙබවූ, දැනට ජීවතුන් අතර සිටින සියළුම මහත්ම මහත්මීන් මෙම උත්සවයේ විශේෂ ආරාධිතයින්  ලෙස සහභාගී වීමට නියමිතය.

 



  මාලදිවයින් වොලිබෝල් කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අතරනිවිතිගල ක්‍රීඩාංගනයේ පැවති තරග අවස්ථාවෙ කණ්ඩායම්‍ හදුනා ගැනීම



ආබාධිතයන්ගේ වොලිබෝල් සංගමයේ මුල්පුටුව කංචනට


ආබාධිතවූවන්ගේ (අපහසුතාවන්ගෙන් පෙළෙන) ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති ධුරයට පළාත් සභා මන්තී‍්‍ර කංචන ජයරත්න මහතා පත්ව සිටියි. ඒ මහතා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයකු වන අතර දැනට රත්නපුර දිස්ති‍්‍රක් වොලිබෝල් සංගමයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.
ආබාධිතවූවන්ගේ ජාතික වොලිබෝල් සංගමයේ නිලවරණය ඉකුත්දා මැලේ වීදියේ යුද හමුදා දේශන ශාලාවේ දී පැවැත්විණි. ඇහැලියගොඩ වොලිබෝල් සංගමයේ සභාපති ධුරයද හොබවන ඒ මහතා රත්නපුර දිස්ති‍්‍රක්කයේ වොලිබෝල් කී‍්‍රඩාව නැංවීමට විශාල මෙහෙවරක් කරමින් සිටින නිලධාරියෙකි. වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ ආදි සිසුවකු වන ඒ මහතා පාසල් අවධියේ සිට වොලිබෝල් කී‍්‍රඩකයකු ලෙස දස්කම් දැක්වූවෙකි.

 






කංචන ශූරතාව වලව පිලට

රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමය ඇඹිලිපිටිය වැලිකඩයාය, අභිමාන තරුණ සංසදය සහ දේදුණු ක්‍රීඩා සමාජය සමග එක්ව සංවිධානය කළ පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න අභියෝග ශූරතා රත්නපුර දිස්ත්‍රික් විවෘත වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට වලව ක්‍රීඩා සමාජය සමත් විය.


වොලිබෝල් තරගාවලිය සමව අවසන් වෙයි
ඉන්දු - ශ්‍රී ලංකා යුද හමුදා

කහවත්ත කේ.ජී. ප්‍රේමසිරි

ශ්‍රී ලංකා යුද හමුදා වොලිබොල් කමිටුවේ ආරාධනයෙන් තරග දෙකකින් යුත් තරගාවලියක්‌ සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය යුද හමුදා වොලිබොල් කණ්‌ඩායම පසුගියදා කහවත්තේ පැවැති දෙවැනි සහ අවසන් තරගයේදී තියුණු ජයක්‌ ලබමින් තරගාවලිය සමව අවසන් කිරීමට සමත්විය.

මෙම තරගාවලියේ පළමු තරගය කොළඹ සුගතදාස ගෘහස්‌ථයේදී පැවැති අතර එහිදී කරට කර සටනකින් වට 3-2ක්‌ ලෙස ශ්‍රී ලංකා යුද හමුදා පිළ ජයග්‍රහණය කරන ලදී.
කහවත්තේ පැවැති මෙහි දෙවැනි (අවසන්) තරගයේද පළමු වටය ලකුණු 25-22ක්‌ ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට ජය හිමිවූ නමුත් එහි දෙවැනි සහ තෙවැනි වට පිළිවෙලින් ලකුණු 25-12 සහ 25-18ක්‌ ලෙස පහසුවෙන් ජයගනිමින් තරගය තරගවට 2-1ක්‌ ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්‌ඩායම සමත්විය. පිට පිටම තරග වට 2ක්‌ පරාජයට පත්වීමෙන් පසුබෑමට ලක්‌ව සිටි ශ්‍රී ලංකා යුද හමුදාව, මෙම තරගය නැරඹීමට පැමිණ සිටි අති විශාල ප්‍රේක්‍ෂක පිරිසගේ දිරිගැන්වීම මධ්‍යයේ යළි සටනට පිවිසෙමින් ලකුණු 27-25 ක්‌ ලෙස සිව්වැනි වටය ජයගෙන තරග වට 2-2 ක්‌ ලෙස සමතැන් ගත්තේය. ඒ සමග තීරණාත්මක 5වැනි තරගවටය දක්‌වා තරගය ඇදී ගිය අතර එහිදී ලකුණු 15-10ක්‌ වශයෙන් ජය වාර්තා කරගනිමින් තරග වට 3-2ක ජයක්‌ සමග තරගාවලිය සමකිරීමට ඉන්දීය කණ්‌ඩායම සමත්විය.

මෙම තරගයට පැමිණි ප්‍රේක්‍ෂක ජනකාය පාලනය සඳහා පොලිසියටද දැඩි පරිශ්‍රමයක්‌ දැරිය යුතු වූ අතර පස්‌වරු 4ට ඇරැඹි තරගය වට 5ක්‌ දක්‌වා ඇදී යාම හේතුවෙන් තරගාවසානය විදුලි ආලෝකය මධ්‍යයේ ක්‍රියාත්මක විය.

ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ උප සභාපති, රත්නපුර දිස්‌ත්‍රික්‌ වොලිබොල් සංගමයේ සභාපති සබරගමු පළාත් සභා මන්ත්‍රී කාංචන ජයරත්න මහතාගේ මැදිහත්වීමෙන් කහවත්තට ලබාගත් මෙම තරගය රත්නපුර දිස්‌ත්‍රික්‌ වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරන ලදී. මෙහි ත්‍යාග ප්‍රදානොත්සවයට මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයේ විශේෂත්වය වූයේ තරගයට සහභාගී වූ සියළු ක්‍රීඩකයන්ට 'ගුරුගේ මැණික්‌' සහ 'විනිල් මැණික්‌' ආයතන විසින් මැණික්‌ ගල් ප්‍රදානය කිරීමයි.

වොලිබෝල් නිලධාරි මණ්ඩලය නිතරගයෙන්
2012 මාර්තු මස 26 10:30:06 | නාමල් පතිරගේ
Share
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ (2012-13) සභාපති ධුරයට හයවැනි වසරටත් විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පත්ව සිටියි. වොලිබොල් සම්මේලනයේ සෙසු සියලූ තනතුරු සඳහා ද නිලධාරීන් නිතරගයෙන් පත්වීම කැපී පෙනේ.
ප‍්‍රසන්න කළුතරගේ මහතාගේ ඉවත්වීමෙන් වොලිබෝල් සම්මේලනයේ උප සභාපති ධුරයකට කරුණාරත්න වික‍්‍රමසිංහ මහතා යළිත් පත්ව සිටියි.
හාලිඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වොලිබෝල් සංගමයේ යෝජනාවෙන් මහියංගනය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වොලිබෝල් සංගමයේ ස්ථිරත්වයෙන් මෙවරත් ඇමැති ඩිලාන් පෙරේරා මහතා නාමයෝජනා බාරදී තිබේ.
වොල්බෝල් නව නිලධාරි මණ්ඩලයේ එකම නිලධාරිනිය ලෙස ස්වර්ණා මල්කාන්ති මහත්මිය කාරක සභිකාවක් ලෙස පත්ව සිටින්නීය.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේනයේ (2012-13) නව නිලධාරි මණ්ඩලය


  • සභාපති:- විදේශ රැකියා ප‍්‍රවර්ධණ හා ශුභසාධන ඇමති ඩිලාන් පෙරේරා මහතා

  • ප‍්‍රධාන ලේකම්:- සුසිල් රණසිංහ මහතා

  • භාණ්ඩාගාරික:- රොහාන් සෝමවංශ මහතා

  • උප සභාපතිවරු:- කරුණාරත්න වික‍්‍රමසිංහ, බණ්ඩාර හේරත්, රොහාන් පතිරගේ, පළාත් සභා මන්ත‍්‍රී කංචන ජයරත්න, ලලිත් පියුම් පෙරේරා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම යන මහත්වරු

  • උප ලේකම්වරු:- කේ.ආර්.ඞී.සී. රත්නමුදලි හා මහේෂ් අබේරත්න යන මහත්වරු

  • උප භාණ්ඩාගාරික:- පොලිස් අධිකාරි ප‍්‍රියන්ත ජයකොඩි මහතා

  • ක‍්‍රීඩා පිටි ලේකම්:- ඒ.එස්. නාලක මහතා

  • ප‍්‍රධාන සංවිධායක:- නලීන් ගම්ලත් මහතා

  • කාරක සභාව:- කාන්තසිරි මීගමුවගේ, ස්වර්ණා මල්කාන්ති, සමන් අබේවර්ධන, පී.බී.එස්.කේ. අබේසිරිවර්ධන, කේ. මනෝහරන්, ආරියදාස ලියනගේ, ලූතිනන් කොමදෝරු, එම්.පී.එස්. අලහකෝන්, නිමල් පෙරේරා හා කේ. යෝගරත්නම් යන මහත්ම මහත්මීහු.

 පුබුදු සහ සම්පත් පසු බසිති
කාන්තාවෝ තරගාවලියෙන් ඉවතට

ඉන්ද්‍රජිත් සුබසිංහ
ආසියානු වොලිබොල් සම්මේලනයේ මෙහෙයවීමෙන් තායිලන්තයේ ඛනෝම් හී පැවැත්වෙන ආසියානු බීච් වොලිබොල් තරගාවලියේදී මූලික වටයේ කාණ්‌ඩ ශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකා පිරිමි අංක 2 කණ්‌ඩායම (පුබුදු ඒකනායක සහ සම්පත් පීරිස්‌) ඊයේ මැලේසියාව හමුවේ අනපේක්‍ෂිත පරාජයකට පත්ව අර්ධ අවසන් පූර්ව තරග වරම අහිමිකර ගත්තේය.
තරගාවලියේ මූලික වටයේදී කලාපීය බීච් වොලිබොල් බලවතකු වන කසකස්‌තානයද පරාජය කරමින් දස්‌කම් දැක්‌වූ පුබුදු සහ සම්පත්ට මෙම තරගය ජයගනිsමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ පහසු අවස්‌ථාවක්‌ උදාවුවද අවාසනාවන්ත ලෙස එම අවස්‌ථාව ඔවුනට අහිමිවිය.
මෙම තරගයේ පළමු වටයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක්‌වූ පසුබෑම හේතුවෙන් ලකුණු 18-21 ක්‌ ලෙස පරාජයට පත්වීමට ඔවුනට සිදුවුවද දෙවැනි වටය ලකුණු 21-10 ක්‌ ලෙස ඉතා පහසුවෙන් ජයගැනීමට පුබුදු සහ සම්පත් සමත්වූහ. එම ජයග්‍රහණයට අනුව තීරණාත්මක තෙවැනි වටයේ ජයගෙන තරගය ජයගැනීමේ අවස්‌ථාව ශ්‍රී ලංකාව සතුවුවද එම තරගයේදී යළිත් නොසිතූ පසුබෑමකට ලක්‌ව ලකුණු 11-15 කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. සමස්‌ත තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 50 ක්‌ ලබාගත් අතරවාරයේ මැලේසියාවට ලබාගත හැකි වූයේ ලකුණු 46 ක්‌ පමණක්‌ වුවද වට 2-1 ක්‌ ලෙස තරගයේ ජය සමග අර්ධ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ මැලේසියාව විසිනි.
මේ අතර ප්‍රබල වියට්‌නාම කණ්‌ඩායම පරදවමින් ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා කාන්තා අංක 2 කණ්‌ඩායම හෙවත් සාගරිකා ගුණසිංහ සහ නිරෝෂා ගුණසිංහ ඊයේ චීන තායිපේ කණ්‌ඩායම සමඟ තරගය පරාජයට පත්වීමෙන් තරගාවලියේ ඉදිරියට යැමේ අවස්‌ථාව අහිමිකර ගත්තේය. එම තරගයේ ප්‍රථම වටයේදී ලකුණු 22-20 ක්‌ දක්‌වාව කරට කර සටනක්‌ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්වුවද අවසානයේ තරගවට 2-0 ක පරාජයක්‌ අත්විඳීමට ඔවුනට සිදුවිය.
ඒ අනුව පිරිමි කණ්‌ඩායම් 29 ක්‌ සහ කාන්තා කණ්‌ඩායම් 20 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ඛනෝමි තරගාවලියේ 9 වැනි ස්‌ථානයේ ශේ්‍රණිගත වීමට ශ්‍රී ලංකා පිරිමි අංක 2 සහ කාන්තා කණ්‌ඩායම් වලට සිදුවිය.
මෙම තරගාවලියේදී නම් දැරූ කණ්‌ඩායම් ගණනාවකට අපේක්‍ෂිත දස්‌කම් දැක්‌වීමට නොහැකිවීම කැපී පෙනෙන අතර පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති මධ්‍යම ආසියානු කලාපීය ඔලිම්පික්‌ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරයන් වූ ඉරාන කණ්‌ඩායම, කසකස්‌තාන අංක 1 කණ්‌ඩායම සහ ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම් 2 කම එලෙස ඉවත් වූ ප්‍රබල කණ්‌ඩායම් අතර වේ.

 

මන්චි ජාතික ශූරතා වොලිබෝල් තරගාවලිය 25දා ඇරඹෙයි

Friday, 17 February 2012 02:01
ජගත් අශෝක 
වොලිබෝල් සම්මේලනය විසින් සිලෝන් බිස්කට් සමාගමේ පූර්ණ අනුග්‍රාහක දායකත්වය ඇතිව පවත්වන මන්චි ජාතික ශූරතා වොලිබෝල් තරගාවලිය පෙබරවාරි 25දා සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
පළමු කොටස හා දෙවන කොටස වශයෙන් තරගාවලි දෙකකින් සමන්විත මන්චි ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ දෙවන කොටස තරගාවලිය මැතිවරණ කොට්ඨාස, පළාත් හා ජාතික මට්ටම වශයෙන් අදියර තුනකින්ද, පළමු කොටස තරගාවලිය ජාතික මට්ටමින් පමණක්ද ක්‍රියාත්මක වේ.
මේ මස 25දා සිට දෙවන කොටස තරගාවලිය ඇරඹෙන අතර එම තරගාවලියට පසුගිය වසරේ පළමු කොටසේ මෙන්ම දෙවන කොටසේ ශූරතා අනුශූරතා දිනාගත් පිරිමි හා කාන්තා කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ 2009 සිට ‍‍‍ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ජාතික කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගි වීමට නොහැකිය.
දෙවන කොටසේ පළමු අදියරයේ ශූරතාව දිනාගන්නා කණ්ඩායම පමණක් දෙවන අදියර තරගවලට සුදුසුකම් ලබන අතර එහි ශූරතා අනුශූරතා දිනාගන්නා කණ්ඩායම් තෙවන අදියර ජාතික මට්ටමේ තරගවලට සුදුසුකම් ලබයි. පළමු අදියර තරග පෙබරවාරි 25-26, මාර්තු 3-4, දෙවන අදියර තරග මාර්තු 10-11 ජාතික මට්ටමේ තරග, මාර්තු 16,17,18 දිනවලත් පැවැත්වේ.
පළමු කොටස තරගාවලිය මාර්තු 19 දා සිට 25 වෙනිදා දක්වාත් පැවැත්වෙන අතර සමස්ත තරග මාලාවේ අවසන් මහා තරග මාර්තු 31 දිනයේ පැවැත්වීමට සැළසුම් කර තිබේ.
මෙවර තරගාවලියේ පළමු කොටසේ ශූරතාව සඳහා ශූරතා කුසලාන සමගින් මුදලින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක්ද, අනුශූරතාවට කුසලාන සමග රුපියල් ලක්ෂයක්ද, තෙවන හා සිවුවන ස්ථානවලට පිළිවෙළින් රුපියල් හැත්තෑපන් දහසක්ද, පනස් දහසක් බැගින් පිරිනැමේ.
දෙවන කොටසේ ශූරතාව වෙනුවෙන් රුපියල් ලක්ෂයක්ද අනුශූරතා, තෙවන හා සිවුවන ස්ථාන වෙනුවෙන් පිළිවෙළින් රුපියල් හැත්තෑ පන්දහසක්, පනස් දහසක් හා තිස් දහසක් බැගින් පිරිනැමේ.
ජාතික ශූරතා තරගාවලිය පිළිබඳව මාධ්‍යයට කරුණු අනාවරණය කිරීම සඳහා පසුගියදා ඔලිම්පික් නිවහනේදී මාධ්‍ය හමුවක් පැවැත්විණි. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවැසූවේ    ජයග්‍රාහකයින් වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනැමීමේදී ක්‍රිකට් ක්‍රීඩාව හැර වැඩිම ත්‍යාග මුදලක් පිරිනමන එකම ක්‍රීඩාව වොලිබෝල් ක්‍රීඩාව බවත් මන්චි ජාතික ශූරතාවට ආරම්භයේදී රුපියල් ලක්ෂයක් ලබාදුන් බවත් මේ වන විට එය ලක්ෂ එකහමාර දක්වා වැඩිකර තිබෙන බවත් උතුර, නැගෙනහිර පළාතේ වොලිබෝල් ක්‍රීඩාවේ සංවර්ධනය පිළිබඳ කතා කිරීමේදී මේ වනවිට එම දෙපළාතේම වැඩිම පිරිසක් යොමු වී සිටින ක්‍රීඩාව වොලිබෝල් ක්‍රීඩාව බවත් එම පළාත්වලින් මෙවර මන්චි ජාතික ශූරතාව සඳහා සහභාගි වන කණ්ඩායම් ප්‍රමාණය තව සතියකින් ලබාදිය හැකි බවත් පැවැසීය.
මෙම මාධ්‍ය හමුවට තරගාවලි අනුග්‍රාහක සිලෝන් බිස්කට් සමාගම් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ශිවා වික්‍රමසිංහ මහත්මිය, එම සමාගමේ තේජා පීරිස් මහත්මිය සමගින් වොලිබෝල් සම්මේලනය වෙනුවෙන් අමාත්‍ය ඩිලාන් පෙරේරා, කංචන ජයරත්න, සුසිල් රණසිංහ සහ බණ්ඩාර හේරත් යන අය සහභාගි වූහ.


ජාතික ශූරතාවට මුලු රටම පැමිණේ
2012/01/30
ඉන්ද්‍රජිත් සුබසිංහ


හැටේ දශකයෙන් පසු පළමු වරට උතුරු පළාතේ සියලු දිස්‌ත්‍රික්‌කයන්හී නියෝජනය සමගින් සමස්‌ත ශ්‍රී ලංකාවේම සහභාගීත්වය ලැබූ පළමු ජාතික මට්‌ටමේ වොලිබෝල් තරගාවලිය ලෙසින් ඉතිහාසයට එක්‌වෙමින්, ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබොල් තරගාවලියේ ජාතික මට්‌ටමේ තරග කහවත්ත මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ සහ පෙරේදා (28 සහ 29) පැවැත්වුණි.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන්, රත්නපුර දිස්‌ත්‍රික්‌ වොලිබොල් සංගමයේ සංවිධානයෙන් සහ ඩයලොග් ආසියාටා අනුග්‍රහයෙන් පැවැති ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ කාන්තා අංශයේදී කොස්‌වාඩිය විජය (ගියවර ශූරියන්) සහ රදාවාන ගොල්ඩන් බර්ඩ්ස්‌ (ගියවර අනුශූරියන්) ආදී කණ්‌ඩායම් සිය ආධිපත්‍යය රැකගනිද්දී, ඇහැලියගොඩ ධර්මපාල, දෙනියාය ශාන්ත මැතිව් ආදී පාසල් කණ්‌ඩායම් ඉදිරියට පැමිණීම කැපී පෙනුණි.

ඊයේ පැවැති කාන්තා අවසන් පූර්ව තරගවලදී දෙනියාය ශාන්ත මැතිව් කණ්‌ඩායම පරාජයට පත්කිරීමට රදාවාන ගෝල්ඩන් බර්ඩස්‌ කණ්‌ඩායමද ඇහැලියගොඩ ධර්මපාල කණ්‌ඩායම පරාජයට පත්කිරීමට කොස්‌වාඩිය විජය කණ්‌ඩායමද සමත් වූ නමුත්, මෙම කණ්‌ඩායම් 4 අතරෙම නුදුරු දිනයකදී (මේ දක්‌වා අදාළ දිනය තීරණය වී නැත) පැවැත්වීමට නියමිත කතිර ක්‍රමයේ තරග (ප්‍රතිවිරුද්ධ කාණ්‌ඩ වල ශූරයන් සහ අනුශූරයන් අතර තරග) අවසානයේ අවසන් මහා තරග වරම ලබන කණ්‌ඩායම් මොනවාද යන්න තීරණය වනු ඇත.

පිරිමි අංශයේ අවසන් පූර්ව තරගවලදී ගියවර ශූරයන් වන නාත්තන්ඩිය යුනයිටඩ් කණ්‌ඩයම බොරලැස්‌ගමුව බලරැස්‌ ක්‍රීඩා සමාජය හමුවේ පරාජයට පත්වීම කැපී පෙනෙන සිදුවීමක්‌ වුවද කතිර ක්‍රමය යටතේ පැවැත්වීමට නියමිත තරගයේදී දස්‌කම් දක්‌වමින් තවත් වරක්‌ අවසන් තරග අවස්‌ථාව ලබාගැනීමේ අවස්‌ථාව තවදුරටත් ඔවුන් හමුවේ ඇත.

මෙම තරගාවලියේ අතිශයින්ම තියුණු තරගය බවට පත්වූ අනෙක්‌ අවසන් පූර්ව තරගයේදී දෙබෑගම රන්තරු ක්‍රී.ස. (3-2)පරාජය කිරීමට ගියවර අනුශූරයන් වන ගම්පහ සියනෑ තරු කණ්‌ඩායම සමත්විය.

ඊයේ පැවැත්වීමට නියමිතවූ බළරැස්‌ ක්‍රීඩා සමාජය සහ තලහගම්වාඩුව අරුණ ක්‍රීඩා සමාජය අතර පිරිම අර්ධ අවසන් පූර්ව තරගය ඇරඹීමට ආසන්නම මොහොතේ අරුණ කණ්‌ඩායමේ සමීප හිතවතකුගේ වියෝවක්‌ ආරංචිවිම හේතුවෙන් එම කණ්‌ඩායම තරගයෙන් ඉවත්වීම සංවේදී සිදුවීමක්‌ විය. ඒ හේතුවෙන් බලරැස්‌ කණ්‌ඩායමට නිතරග ජයක්‌ හිමිවිය.

මෙවර මෙම ජාතික මට්‌ටමේ තරග සඳහා උතුරු පළාත නියෝජනය කරනු ලබන යාපනය, මුලතිව්, කිලිනොච්චි, වව්නියා, මන්නාරම යන සියලූ දිස්‌ත්‍රික්‌ක නියෝජනය කරමින් කණ්‌ඩායම් සහභාගීවූ අතර මෙරට වොලිබොල් ඉතිහාසයේ උතුරු පළාත නියෝජනය කරමින් මෙලෙස පූර්ණ කණ්‌ඩායම් සහභාගීත්වයක්‌ ලැබුණේ 60 දශකයෙන් පසු පළමුවරට වීම සුවිශේෂී වේ.

උතුරු පළාතෙන් පැමිණෙන කණ්‌ඩායම් පිළිගැනීම සඳහා රත්නපුර පක්‍ෂ විපක්‍ෂ සියලූ දේශපාලඥයන් එකතුවෙන් අපූරු වැඩසටහනක්‌ සංවිධානය කර තිබීම පැසසුම්කටයුතු විය.

ඒ අනුව 27දා රත්නපුරයට පැමිණි යාපනය දිස්‌ත්‍රික්‌ කණ්‌ඩායම ඇහැලියගොඩදී තූර්ය වාදන උපහාර සමගින් පිළිගෙන, ඇහැලියගොඩ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී ඔවුනට තෑගි භෝග ආදිය පිරිනමා සුහද හමුවක්‌ද පමණක්‌ නොව දිය ඇල්ලක ස්‌නානය කිරීමේ අවස්‌ථාවද සලසාදීමට සංවිධායක මණ්‌ඩලය කටයුතු යොදා තිබීම කැපී පෙනුණි.

"අපි බොහොම කාලයකට පස්‌සෙ තමයි මේ වගේ අත්දැකීමක්‌ ලබාගත්තේ. අපිට හරිම සතුටුයි මේ පිළිගැනීම ගැන. ඒ වගේම අපි සතුටුයි අපේ පැත්තෙත් මේ වගේ තරගාවලි පවත්වනවානම්" යෑයි මුලිතිව් දිස්‌ත්‍රික්‌ ශූරයන් ලෙසින් මෙම තරගාවලියට සුදුසුකම් ලබා පැමිණි තුනුක්‌කායි ක්‍රීඩා සමාජයේ නායක ජනාන්තන් පැවසීය.







ශ්‍රී ලංකා පිරිමි-කාන්තා බීච් වොලිබෝල් කණ්ඩායම් ඔලිම්පික් සුදුසුකම් වටයට එති

2012/01/24


කාන්තා බීච් වොලිබෝල් සූරතාව දිනාගත් කසකස්තාන පිල හා අනු සූරතාව දිනාගත් ශ්‍රී ලංකා පිල, වොලිබෝල් සම්මේලනයේ සභාපති ඇමැති ඩිලාන් පෙරේරා, බස්නාහිර පළාත් සභාවේ ඇමැති නිමල් ලන්සා, වොලිබෝල් තරග කමිටු සභාපති පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න යන මහත්වරු වෙති.
මීගමුව වෙරළ තීරයේ නිමාව දුටු මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලියේ කාන්තා අනු සූරතාව හා පිරිමි තෙවැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ අවසන් වටයට එක්වෙති. ජාත්‍යන්තර බීච් වොලිබෝල් ශ්‍රේණිගත කිරීමේ 54 වැනි ස්ථානයේ සිටින ප්‍රබල කසකස්තානය තරග වට 2 – 1 කින් පැරදවීමට ගීතිකා ගුණවර්ධන හා තක්ෂිලා නෙරංජලී සමත්වීම මේ තරගාවලියේ කැපීපෙනෙනම සිදුවීම විය. එවැනි දක්ෂතාවක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දැක්වීම බීච් වොලිබෝල් ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමකි.
මේ තරගාවලියේ දී පිරිමි සූරතාව ඉරානය ද, අනු සූරතාව කසකස්තානය ද හිමිකර ගත්හ.
තරගාවලියේ පළමු දිනයේ දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම් දෙක කසකස්තාන කණ්ඩායම් දෙකට පරාජය විය. එහෙත් එක් තරග වටයක දී ශ්‍රී ලංකා ‘බී’ පිලේ පුබුදු ඒකනායක හා සම්පත් පීරිස් ප්‍රබල කසකස්තාන ක්‍රීඩකයන් පරාජය කිරීම කැපී පෙනුණි.
පිරිමි ‘ඒ’ කණ්ඩායම මහේෂ් පෙරේරා හා වසන්ත රත්නපාල නියෝජනය කළහ.
කාන්තා කණ්ඩායම් දෙකට ගීතිකා ගුණවර්ධන, තක්ෂිලා ගුණසිංහ, නිරෝෂා ගුරුගේ හා සාගරිකා ගුරුසිංහ එක්වූහ. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මාලදිවයින පහසුවෙන් පරාජය කළ අතර අවසන් දිනයේ දී ඉන්දියාව ද පරාජය කළහ.
මේ තරගාවලියෙන් ජය ලැබූ කණ්ඩායම් 6ක් ආසියානු කළාපයේ තරග වටයට මේ වසරේ ජුනි මාසයේ දී එක්වෙති. පිරිමි අංශයෙන් ඉරානය, කසකස්තානය, ශ්‍රී ලංකාව, කාන්තා අංශයෙන් කසකස්තානය, ශ්‍රී ලංකාව හා ඉන්දියාව ආසියානු කළාපයේ තරග වටයට සුදුසුකම් ලැබූහ. වසර 2012 ලන්ඩන්හී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් තරගාවලියට රටවල් 24කින් කණ්ඩායම් එක්වේ. ජාත්‍යන්තර මට්ටමේ බීච් වොලිබෝල් තරගාවලියක් ශ්‍රී ලංකාවේ සංවිධානය කිරීමේ අභියෝගයට සාර්ථකව මුහුණදීමට ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයට හැකිවීම සුවිශාල ජයක් බව සම්මේලනයේ ලේකම් සුසිල් රණසිංහ මහතා පවසයි.

ඩයලොග් වොලිබෝල් ජනාධිපති රන් කුසලාන ජනපතිට බාරදෙයි

Dialog Volleyball Tournamentමෙවර පැවැත්වෙන ඩයලොග් වොලිබෝල් තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ජනාධිපති රන් කුසලානය අද (22) අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත බාර දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ඩයලොග් සමාගමේ විධායක නිලධාරී නුෂාඩ් පෙරේරා මහතා විසින් එම කුසලානය බාර දෙන ලදී.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, සබරගමුව පළාත් සභා මන්ත්‍රී කාංචන ජයරත්න, ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහත්වරුන් සමඟ වොලිබෝල් සංගමයේ නිලධාරීන් පිරිසක් ද එක් ව සිටියහ.

 

 2012/01/27

ඉතිහාසයේ ප්‍රථම වතාවට වොලිබෝල්
කණ්‌ඩායම් 50ක්‌ රත්නපුරයට එති

ඉන්ද්‍රජිත් සුබසිංහ


ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන්, රත්නපුර දිස්‌ත්‍රික්‌ වොලිබෝල් සංගමයේ සංවිධානයෙන් සහ ඩයලොග් ආසියාටා පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික මට්‌ටමේ තරග මෙම 28 සහ 29 දෙදින රත්නපුර කහවත්ත මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහිදී කාන්තා සහ පිරිමි දෙඅංශයෙන් ශ්‍රී ලංකාවේ දිස්‌ත්‍රික්‌ක 25ම නියෝජනය කරමින් කණ්‌ඩායම් 50 ක්‌ තරගවදින අතර රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ මෙවැනි සහභාගීත්වයක්‌ සහිත ජාතික මට්‌ටමේ වොලිබෝල් තරගාවලියක්‌ පැවැත්වෙන ප්‍රථම අවස්‌ථාව මෙය වීම සුවිශේෂී වෙයි.

කලාප හෝ ප්‍රදේශීය ලේකම් කොට්‌ඨාශ මට්‌ටමින් පැවැති මූලික වටයේ තරග වලින් අනතුරුව දිස්‌ත්‍රික්‌ මට්‌ටමේ තරග ජයග්‍රාහකයින් සඳහා පැවැත්වෙන මෙම අදියර සඳහා උතුරු පළාත නියෝජනය කරන දිස්‌ත්‍රික්‌ක 5 ම ඇතුළුව සදුසුකම් ලබා සිටින සියළු කණ්‌ඩායම් මේ වන විට සිය සහභාගීත්වය ස්‌ථිර කර ඇතැයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.

ඉකුත් වසරේ ජනාධිපති රන්කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව දිනාගත් නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය, එම අනුශූරතාව දිනූ ගම්පහ සියනෑතරු කණ්‌ඩායම මෙන්ම ඉකුත් වසරේ කාන්තා අංශයේ ශූරතාව දිනාගත් කොස්‌වාඩිය විජය ක්‍රීඩා සමාජය සහ එම අනුශූරතාව දිනූ රදාවාන ගෝල්ඩන් බඩ්ස්‌ ක්‍රීඩා සමාජයද මෙවරත් දිස්‌ත්‍රික්‌ ශූරයෝ ලෙසින් ජාතික තරගාවලියට සුදුසුකම් ලබා සිටිති.

මේ සඳහා සහභාගීවන සෑම කණ්‌ඩායමකටම ප්‍රවාහන දීමනාවක්‌, රුපියල් 15,000 බැගින් ත්‍යාග මුදලක්‌ සහ ඉස්‌තරම්ම තත්ත්වයේ වොලිබොල් 4 ක්‌ බැගින් ලබාදීමටද සංවිධායකයෝ කටයුතු යොදා ඇත. එයට අමතරව සෑම ක්‍රීඩකයෙක්‌ සහ පුහුණුකරුවන්ට ක්‍රීඩා ඇඳුම් කට්‌ටලය බැගින්ද ලබාදෙන බව වොලිබෝල් සම්මේලනය ප්‍රකාශ කරයි.

'ඉතිහායේ ප්‍රථම වතාවටයි අපි රත්නපුරයේදී මේ ආකාරයෙන් ජාතික මට්‌ටමේ වොලිබෝල් තරගාවලියක්‌ පවත්වන්නේ. ශ්‍රී ලංකාවේ හොඳම වොලිබෝල් කණ්‌ඩායම් සියල්ල පැමිණෙන මෙම තරගාවලියට රත්නපුරයට අළුත් අත්දැකීමක්‌ වගේම ඉතා වටිනා අවස්‌ථාවක්‌ හැටියටයි අපි සලකන්නේ. ඒ නිසා මෙහි තරග සංවිධානය කටයුතු අපේ උපරිමයෙන් සංවිධානය කරනවා. කණ්‌ඩායම් වලට නවාතැන් දෙන්න කහවත්ත නගරයේ ක්‍රීඩාංගණය අසලම පිහිටි පාසල් කිහිපයක්‌ සූදානම් කරලා ඒවාට අවශ්‍ය පහසුකම් අපේ උපරිමයෙන් ලබාදෙනවා. පොලීසියේ සහයෝගයෙන් එම කණ්‌ඩායම් වලට අවශ්‍ය පූර්ණ ආරක්‍ෂාව ලබාදෙන්න කටයුතු යෙදෙව්වා. ගිලන් රථ සහිත හදිසි ප්‍රතිකාර සේවාවක්‌ ලැහැස්‌ති කරලා තිබෙනවා. විනිසුරුවරුන්ට අවශ්‍ය පහසුකම් සියල්ලත් සූදානම්. මෙම තරගාවලියේ දිස්‌ත්‍රික්‌ක 25 ම සම්බන්ධීකාරකවරුන්ටත් අපි මෙම අවස්‌ථාව සඳහා සහභාගීවෙන්න ආරාධනා කරලා ඒ අයටත් අවශ්‍ය නවාතැන් පහසුකම් ඇතුළු අනෙක්‌ පහසුකම් සලසනවා. ඇත්තෙන්ම මේ වන විට හොඳ කාලගුණ තත්ත්වයකුත් තිබෙන නිසා එයින් බාධාවක්‌ නොවෙයි කියලා විශ්වාසයකුත් තිබෙනවා' යෑයි තරග සංවිධානය සම්බන්ධයෙන් 'දිවයින' කරන ලද විමසීමේදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උපසභාපති සහ රත්නපුර දිස්‌ත්‍රික්‌ වොලිබෝල් සංගමයේ සභාපති රත්නපුර දිස්‌ත්‍රක්‌ පළාත් සභා මන්ත්‍රී කාංචන ජයරත්න මහතා පැවසීය.

ඩයලෝග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ජාතික මට්‌ටමේ තරගාවලියේ සමාරම්භක උළෙල අනිද්දා (28දා) පෙරවරු 9.00ට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රෙමලාල් ජයසේකර ඇතුළු ප්‍රභූන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.


‘ඇහැළියගොඩ අභිමානී’ වොලිබෝල් පිරිමි සූරතාව රණමයුරට

කාන්තා සූරතාව ධර්මපාල පිලට

ඇහැළියගොඩ රණමයුර ක්‍රීඩා සමාජය සූරතාව ලබා ගැනීමෙන් පසු ඇමැති ඩිලාන් පෙරේරා, ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති කංචන ජයරත්න හා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් සුසිල් රණසිංහ යන මහත්ම මහත්මීන් සමග
ඇහැළියගොඩ වොලිබෝල් සංගමය හා රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සමග එක්ව සංවිධානය කළ ‘ඇහැළියගොඩ අභිමානී’ වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ සූරතාව දිනාගැනීමට ඇහැළියගොඩ රණමයුර ක්‍රීඩා සමාජය සමත්විය.
පසුගියදා ඇහැලියගොඩ ජාතික පාසල් ක්‍රීඩා පිටියේදී පැවැත්වූ මේ තරගාවලියට කණ්ඩායම් 60කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටියහ. විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වූ අවසාන මහා තරගයේදි 25-16ක් 20-25ක් හා 25-12ක් ලෙස පුස්සැල්ල ලකි ක්‍රීඩා සමාජය පරාජය කිරීමට රණමයුර ක්‍රීඩා සමාජය සමත්විය.
අවසන් පූර්ව තරගවලදි රණමයුර ක්‍රීඩා සමාජය තරග වට 2-0ක් ලෙස පරකඩුව අරුණළු ක්‍රීඩා සමාජයද, පුස්සැල්ල ලකී ක්‍රීඩා සමාජය තරග වට 2- 0ක් ලෙස ඇහැළියගොඩ තරුණ ක්‍රීඩා සමාජයද පරාජයට පත් කළහ.
තරගාවලියේ හොඳම පන්දු ඔසවන්නා ලෙස රණමයුර ක්‍රිඩා සමාජයේ සමිත ශාලුක ද, දක්ෂතම ප්‍රහාරකයා ලෙස එම ක්‍රීඩා සමාජයේම මධූෂ වික්‍රමසිංහ ද සම්මාන ලැබූහ. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූයේ ලකී ක්‍රීඩා සමාජයේ ප්‍රසන්න සංජිවයි.
කාන්තා අංශයේ සූරතාව ඇහැළියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජය දිනා ගත්තේ 25-11ක් හා 25-4ක් ලෙස පත්බේරිය නාරද විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත්කරමිනි.
තරගාවලියේ ජය සංකේත ප්‍රදානය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ හා තාක්ෂණ හා පර්යේෂණ ඇමැතිනි නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 

2010/04/02

වොලිබෝල් උප සභාපති ධූරයට කාංචන ජයරත්න නිතරගයෙන්


ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයෙකු ලෙස සබරගමුව පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න මහතා නිතරගයෙන් පත් විය. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ පසුගිය දා පැවති නිලවරණයේදී රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වොලිබෝල් සංගමය නියෝජනය කරමින් කංචන ජයරත්න මහතා උප සභාපති තනතුරකට ඉදිරිපත් විය. ඒ මහතා සබරගමු පළාත් සභාවේ ක්‍රීඩා අධ්‍යාපන සහ යෞවන කටයුතු අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙසද කටයුතු කරයි.
රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති ලෙස 2008 දෙසැම්බර් මාසයේදී නිතරගයෙන් තේරී පත් වූ ඒ මහතා රත්නපුරයේ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල වොලිබෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමෙහිලා විශේෂ ව්‍යාපෘති රැසක් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටී. එම ග්‍රාමීය ප්‍රදේශවල වොලිබෝල් ක්‍රීඩා පිටි ඉදි කිරීම, ක්‍රීඩා සමාජ සහ යෞවන සමාජ සඳහා වොලිබෝල් ක්‍රීඩා භාණ්ඩ ලබා දීම, විවෘත වොලිබෝල් තරඟාවලි පවත්වමින් එහිදී ලංකාවේ දක්ෂ සහ ජනප්‍රිය වොලිබෝල් කණ්ඩායම් සහභාගි වන ප්‍රදර්ශන වොලිබෝල් තරඟ පැවැත්වීම ඒ අතර වේ.
එසේම රත්නපුර දිසාවේ වොලිබෝල් විනිසුරු සංචිතයක් ඇති කිරීම සඳහා විනිසුරු පුහුණු වැඩ මුළුවක් ප්‍රථම වරට පසුගිය දා පවත්වනු ලැබීය. දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයන් ජාතික තලයට ඔසවා තැබීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සඳහා මේ වන විට විශේෂ පුහුණු කඳවුරු දෙකක් ඒ මහතාගේ මෙහෙයවීමෙන් පුස්සැල්ලේ සහ බලංගොඩ දී පවත්වනු ලැබීය.

ඩිලාන්ට නැවතත් නිතරග ජයක්‌
ඉන්ද්‍රජිත් සුබසිංහ
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 2010/2011 වසර සඳහා වූ නිලවරණය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ ශ්‍රවණාගාරයේදී පසුගිය 27 දා පැවැති අතර ඒ සඳහා අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සහභාගි නොවුණද ඔහු අඛණ්‌ඩව 6 වැනි වසරටත් සභාපති ධුරය සඳහා නිතරගයෙන් තේරී පත්විය.

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටීම හේතුවෙන් ඩිලාන් පෙරේරා මහතාට මෙම අවස්‌ථාවට සහභාගිවීමට අවස්‌ථාව නොලැබුණි.

අදාළ නිලවරණයේදී විධායක සභාව හැරුණු විට සෙසු සියලු ධුරයන් සඳහා නිලධාරීන් නිතරගයෙන් පත්විණි.

මෙවර උප සභාපති ධුර සඳහා නවක මුහුණු තුනක්‌ පත්විය. ප්‍රසන්න කලුතරගේ, පද්මසිරි රාජපක්‍ෂ සහ කාංචන ජයරත්න එලෙස සම්මේලනයට අලුතින් එක්‌ වූවන් වන අතර සෙසු උප සභාපති ධුරවල උපාලි හේවගේ, බණ්‌ඩාර හේරත් සහ කරුණාරත්න වික්‍රමසිංහ තවදුරටත් රැඳී සිටිති. භාෂ්වර ගුණරත්න, ප්‍රියාල් සිල්වා සහ කොමදොaරු රොහාන් පතිරගේ මෙවර උප සභාපති අසුන්වලින් සමුගත්හ.

පිට පිටම 5 වැනි වසරටත් ප්‍රධාන ලේකම් ධුරය සඳහා සුසිල් රණසිංහ මහතා තේරී පත්වූ අතර උප ලේකම් ධුර සඳහා සී. රත්නමුදලි සහ ලුතිනන් කර්නල් මහේෂ් අබේරත්න පත්වුණි.

භාණ්‌ඩාගාරික ධුරය සඳහා රොහාන් සෝමවංශ මහතාත් නියෝජ්‍ය භාණ්‌ඩාගාරික ධුරය සඳහා ප්‍රියන්ත ජයකොඩි මහතාත් තවදුරටත් රැඳී සිටිති.

මෙවර තරග කමිටු ලේකම් ධුරය රංජිත් ප්‍රේමරත්න මහතාගෙන්, ඒ. එස්‌. නාලක මහතා වෙත පැවරුණු අතර සම්මේලනයේ ප්‍රධාන සංවිධායක ලෙස සරත්ද සිල්වා තේරී සිටියි.

විධායක සභාව සඳහා මෙවර සටනට 17 දෙනකු ඉදිරිපත් විය. ඉන් තේරී පත්වූ 11 දෙනා මෙසේය.

විධායක සභාව - මධුකා කිරිඇල්ල, ස්‌වර්ණා මල්කාන්ති, රවීන්ද්‍ර ඒකනායක, ආරියදාස ලියනගේ, ඒ. ඊ. ගුණසේන, පොලිස්‌ අධිකාරී නිමල් පෙරේරා, ටී. බී. එම්. කේ. අබේසිරිවර්ධන, බලඝණනායක පද්මන් ද කොස්‌තා, ලුතිනන් කමාන්ඩර් එස්‌. එම්. බී. අලහකෝන්, සමන් අබේවර්ධන.

වොලිබෝල් “රනේ” උපහාර තරගාවලිය 25දා

70-80 දශකවලදී මෙරට වොලිබෝල් පිටියේ දීප්තිමත් තරුවක් වූ රුවන්පුර ආර්. එම්. ඒ. රත්නායක හෙවත් වොලිබෝල් “රනේ” උපහාර පිදීමේ විශේෂ උත්සව මාලාවක් පැවැත්වීමට රත්නපුර දිස්ති‍්‍රක් වොලිබෝල් සංගමය කටයුතු යොදා ඇතැයි එහි සභාපති සබරගමුව පළාත් සභා මන්තී‍්‍ර කංචන ජයරත්න මහතා පවසයි.
ජාත්‍යන්තර වොලිබෝල් විනිසුරුවරයකු ලෙස ද කටයුතු කළ රත්නායක මහතා කළ ගෞරවනීය සේවය වර්තමාන වොලිබෝල් පරපුරට හඳුනාදීමටත් ඒ මහතාට උපහාර පිදීම සඳහා රත්නපුර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රවීන වොලිබෝල් කී‍්‍රඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් රැසක සහභාගිත්වයෙන් ආර්. එම්. ඒ. රත්නායක හරසර අභියෝගතා ශූරතාවය සඳහා වන වොලිබෝල් තරගාවලිය ජූලි 25 වන දින දවස පුරා කහවත්ත මහජන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලිය අවසානයේ ශ‍්‍රී ලංකා යුද හමුදා සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිල අතර ප‍්‍රදර්ශන වොලිබෝල් තරගයක් (විදුලි ආලෝකධාරා මධ්‍යයේ) පැවැත්වෙන අතර ත්‍යාග ප‍්‍රදානෝත්සවය ශ‍්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති වරාය සංවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා ග‍්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය පෙ‍්‍ර්මලාල් ජයසේකර යන අමාත්‍යවරයාගේ හා තරුණ කටයුතු ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
 

රත්නපුරයේ වොලිබෝල් පුහුණු කඳවුරු 3 ක්

2009/11/28
රත්නපුර දිස්ත්‍රික්කයේ වොලිබෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ තවත් එක් ක්‍රියාවලියක් ලෙස වොලිබෝල් පුහුණු කඳවුරු 3 ක් පැවැත්වීමට රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමය තීරණය කැර ඇත.
මෙහි ප්‍රථම කඳවුර මේ 27 දා සිට 29 දක්වා පුස්සැල්ල අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානයේ පැවැත්වෙන බව රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති හා පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න මහතා පවසයි. මෙහි සෙසු කඳවුරු 2 ක ඇඹිලිපිටිය හා බලංගොඩ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ කඳවුරු සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, රත්නපුර දිස්ත්‍රික් යෞවන සමාජ බල මණ්ඩලය, ජාතික තරුණ සේවා සභාව සහ සබරගමු පළාත් සභාව පූර්ණ අනුග්‍රහය දක්වති.

ටිගෝ සූරතාව ඇහැලියගොඩ රණමයුරට

2009/09/12

ඇහැලියගොඩ රණමයුර ක්‍රීඩා සමාජයේ නායක සමිත ශාලුක නිමලරත්න ක්‍රීඩකයාට ටිගෝ අභියෝග සූරතාව ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති සහ වරාය සංවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් පිරිනැමූ අවස්ථාව. මේ අවස්ථාවට සහභාගී වූ තරුණ කටයුතු ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති සබරගමු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න , ටිගෝ සමාගමේ විධායක නිලධාරී රජින්ද්‍ර නිශ්ශංක, ජයම්පති මාවිල්මඩ යන මහත්වරු ද වෙති.
රත්නපුර දිස්ත්‍රික්කයේ වොලිබෝල් ක්‍රීඩාව ජාතික තලයේ ඉහළටම ඔසවා තැබීම අරමුණු කරගනිමින්, රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමය සහ පුස්සැල්ල ලකී ක්‍රීඩා සමාජය සංවිධානය කළ ටිගෝ අභියෝග සූරතා වොලිබෝල් තරඟාවලියේ ජයග්‍රහණය ඇහැලියගොඩ රණමයුර ක්‍රීඩා සමාජයට හිමි විය.
පුස්සැල්ල ලකී ක්‍රීඩා පිටියේ විදුලි ආලෝක මධ්‍යයේ පැවති මෙම අවසාන මහා තරඟයේ දී කංචන ජයරත්න අනුසූරතාව දිනූ ඇඹිලිපිටිය රංචමඩම සුහද ක්‍රීඩා සමාජය තරඟ වට පහට තුනක් ලෙස පරාජය කිරීමට ඇහැලියගොඩ රණමයුර ක්‍රීඩකයන් සමත් වූහ. ක්‍රීඩා සමාජ 30ක් සහභාගී වූ ටිගෝ අභියෝග සූරතාව සඳහා වූ මේ තරඟාවලිය පසුගිය දා පුස්සැල්ල ලකී ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණි.
ඇහැලියගොඩ රණමයුර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක සීදුව දව්සමර විද්‍යාලයේ මධූෂ වික්‍රමසිංහ තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පිදුම් ලැබී ය. දක්ෂතම ප්‍රහාරකයා වූයේ රංචමඩම සුහද ක්‍රීඩා සමාජයේ නායක කැලුම් සංජීවය. දක්ෂතම පන්දු ඔසවන්නා ලෙස ත්‍යාග ලැබූයේ රණමයුර ක්‍රීඩා සමාජයේ නායක සමිත ශාලුක නිමලරත්නය.
රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ කංචන ජයරත්න මහතා ඇතුළු නව නිලධාරී මණ්ඩලය පත්වීමත් සමග, රත්නපුර දිස්ත්‍රික්කයේ වොලිබෝල් ක්‍රීඩාවේ අතිවිශාල පිබිදීමක් ඇති වී, ජාතික ක්‍රීඩාවේ විශිෂ්ට තැනකට රත්නපුර වොලිබෝල් ක්‍රීඩකයන් ගමන් කරමින් සිටින බව අද තරඟාවලියෙන් ඔප්පු වූ බව ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති හා වරාය සංවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසී ය

පවිත‍්‍රා වන්නිආරච්චි අභියෝග කුසලාන
වොලිබෝල් තරගාවලිය
2-3 කුරුවිටදී

2009/04/29 

ශ‍්‍රී ලංකාවේ ජාතික කී‍්‍රඩාව වන වොලිබෝල් කී‍්‍රඩාව ප‍්‍රචලිත කිරීමේ අරමුණින් රත්නපුර දිස්ති‍්‍රක් වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන පවිත‍්‍රා වන්නිආරච්චි අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලිය මැයි මස 2 සහ 3 දෙදින පුරා කුරුවිට දී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.

පිළිමළුන් පිටු දැකීමේ ක‍්‍රමයට පැවැත්වෙන මේ තරගාවලියට රත්නපුර ප‍්‍රදේශයේ වොලිබෝල් කී‍්‍රඩා සමාජ 20 ක් පමණ සහභාගී වනු ඇතැයි රත්නපුර දිස්ති‍්‍රක් වොලිබෝල් සංගමයේ සභාපති, සබරගමුව පළාත් සභා මන්තී‍්‍ර කංචන ජයරත්න මහතා පවසයි.
කුරුවිට තැඹිලියන සුපර් ගෝල්ඩන් කී‍්‍රඩා සමාජ පිටියේ මේ තරගාවලිය පැවැත්වෙන අතර ජයග‍්‍රාහී කණ්ඩායම් සඳහා මුදල් ත්‍යාග, සහතික පත් සහ අවසන් තරගයේ සූරයන්ට පවිත‍්‍රා වන්නිආරච්චි අභියෝගතා කුසලානය සමඟ මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු කරන බව සංවිධායක කමිටුව අවධාරණය කරයි.
3 වැනි දින සවස 3.00 ට එම කී‍්‍රඩාංගණයේදී 2009 වසරේ ජාතික වොලිබෝල් සූරයන් වූ යුද හමුදාව හා අනුසූරයන් වූ වරාය අධිකාරී කණ්ඩායම අතර ප‍්‍රදර්ශන වොලිබෝල් තරඟයක් පැවැත්වීමටද කටයුතු යොදා ඇති බව රත්නපුර දිස්ති‍්‍රක් වොලිබෝල් සංගමයේ සභාපති කංචන ජයරත්න මහතා පවසයි.

දිනමිණ’ පුවත පල දරයි

කැන්දපොළ පුංචි වොලිබෝල් සූරියන්ට උපහාර පුදයි

2009/09/12 

පසුගිය දා අවසන් වූ ච්ඉධ් පාසල් වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 12 න් පහළ සමස්ත ලංකා සූරතාවය දිනා ගත් රක්වාන කැන්දපොල විද්‍යාලයීය වොලිබෝල් සූරයෝ පසුගියදා මැති ඇමැති ජන උපහාරයෙන් පිදුම් ලැබූහ.

රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති කංචන ජයරත්න මහතා මැදිහත් වී සංවිධානය කළ මෙම වීරවරියන්ට උපහාර පිදීමේ උත්සවයේදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති වරාය සංවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා තරුණ කටයුතු ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, සබරගමු පළාත් ආණ්ඩුකාරවර ජනක ප්‍රියන්ත බණ්ඩාර මහතා ඇතුලු විශාල පිරිසක් මේ පුංචි සූරියන්ට සිය උණුසුම් උපහාර පිදීමට එක්වූහ.

කැන්දපොල විදුහලේ පුංචි වොලිබෝල් සූරියන් පෙරහරින් උපහාර පිදීමට කැඳවාගෙන ආ අවස්ථාව.
ඡායාරූප :– මේනක සංජීව
ඇහැලියගොඩ, පුස්සැල්ලේ පැවති රත්නපුර දිස්ත්‍රික් විවෘත වොලිබෝල් තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදී පුංචි සූරියන්ට උපහාර හා ත්‍යාග පිරිනැමීම සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති, සබරගමු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න මහතා කියා සිටියේ මේ පුංචි සූරියන් තරගය ජය ගන්නා බවට මට විශ්වාසයක් තිබුණා.
ඒ වගේම දිනමිණ පුවත්පත මෙම දැරියන්ගේ සුවිශේෂ ජයග්‍රහණය ගැන සහ කණ්ඩායම පුහුණු කළ අපේ පුස්සැල්ලේ පඤ්ඤාතිලක හාමුදුරුවෝ පිළිබඳ මුළු රටටම ඉතාම ගෞරවනීය ලෙස ප්‍රවෘත්තිය ගෙන ගිය නිසාය.
අද මේ පුංචි සූරියන් බැලීමට මේ තරම් විශාල පිරිසක් පුස්සැල්ලට පැමිණ සිටින්නේ. මෙවැනි සැඟවුණු මිණි කැට මුල්වරට රටටම හඳුන්වා දීමට පෙරමුණ ගත් දිනමිණ පුවත්පතට මාගේ හෘදයංගම ස්තුතිය පුද කරන බවය.
උපහාර උත්සවයේදී පරකඩුව නාරද විද්‍යාලීය තූර්යවාදක කණ්ඩායම තම සහෝදර පුංචි සූරියන්ව ක්‍රීඩා පිටියට පෙරහරින් කැඳවාගෙන පැමිණියේ දහස් සංඛ්‍යාත වැඩිහිටියන්ගේ සතුටු කදුළු අතරින්ය.
පුස්සැල්ලේ පඤ්ඤාතිලක හිමියන් සමඟ පැමිණි සිටි සූරියෝ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් පිරිනැමූ පාසල් බෑග ද,කංචන ජයරත්න මහතා ලබා දුන් පොත්පත් ද වොලිබෝල් කණු යුගලය ද වොලිබෝල් දැල් සහ බෝල ද ලබා ගත්තේ රැස්ව සිටි අතිවිශාල පිරිසකගේ උණුසුම් සුභපැතුම් මැදය.
කටේ කිරි සුවඳත් නොගිය මේ පුංචි සූරියන් රක්වාන සිංහරාජ කඳු පාමුල කැන්දපොල පුංචි ගම්මණ්ඩියට ගෙන ආ යසස කීර්තිය තවදුරටත් දියුණු තියුණු කරගනිමින් රුවන්පුරයෙන් බිහි වූ මේ රටේ දීප්තිමත්ම වොලිබෝල් තරු බවට පත් කිරීමට දිගු කාලීන වැඩපිළිවෙළක් සකසන බවද කංචන ජයරත්න මහතා වෙතින් ප්‍රකාශ විය.

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් අවසන් පූර්ව වටයට එළැඹෙයි

ඉන්ද්‍රජිත් සුබසිංහ

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන් සහ ඩයලොග් ආසියාටා පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන 'ඩයලොග් ජනාධිපති රන් කුසලාන' වොලිබෝල් තරගාවලියේ අවසන් පූර්ව තරග අද නිට්‌ටඹුව මහජන ක්‍රීඩාංගණයේදී ඇරඹේ.

ඒ අනුව අද (15 දා) පෙරවරු 9 සිට කාන්තා අවසන් පූර්ව තරග ඇරඹෙන අතර එහිදී රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස්‌ සමග ඇහැලියගොඩ ධර්මපාල කණ්‌ඩායමද, කොස්‌වාඩිය විජය කණ්‌ඩායම සමඟ දෙනියාය ශාන්ත මැතිව් කණ්‌ඩායමද තරග වැදීමට නියමිතය.

කතිර ක්‍රමයට පැවැත්වෙන මෙම තීරණාත්මක අවසන පූර්ව තරගයට පෙර රත්නපුර කහවත්තේ පැවැති මූලික අවසන් පූර්ව තරගයේදී දෙනියාය ශාන්ත මැතිව් කණ්‌ඩායම පැරදවීමට ගියවර අනුශූරියන් වූ ගෝල්ඩන් බර්ඩ්ස්‌ කණ්‌ඩායමද, ධර්මපාල කණ්‌ඩායම පැරදවීමට ගියවර ශූරියන් වන කොස්‌වාඩිය විජය කණ්‌ඩායමද සමත්වූහ. ඒ අනුව අද ඇහැලියගොඩ ධර්මපාල සහ දෙනියාය ශාන්ත මැතිව් යන අත්දැකීම් අඩු පාසල් කණ්‌ඩායම් වලට පෙරැළියක්‌ සිදුකිරීමට අවස්‌ථාවක්‌ නොලැබුණහොත් ගියවර මෙන්ම මෙවරත් ගෝල්ඩන් බර්ඩ්ස්‌ සහ විජය කණ්‌ඩායම් අතර කාන්තා අවසන් මහා තරගයක්‌ පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලියේ පි§රිමි අංශයෙ අවසන් පූර්ව තරග හෙට (16දා) එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර එහිදී ගම්පහ සියනෑතරු කණ්‌ඩායම සමග නාත්තන්ඩිය යුනයිටඩ් කණ්‌ඩායමද, දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය සමග බොරලැස්‌ගමුව බලරැස්‌ කණ්‌ඩායමද තරග වැදීමට නියමිතය. ගිය වසරේ පැවැති ඩයලොග් ජනාධිපති රන් කුසලාන තරගාවලියේ ශූරතාව දිනූ නාන්තන්ඩිය යුනයිටඩ් කණ්‌ඩායම සහ ගියවර අනුශූරියන් වූ ගම්පහ සියනෑ යන කණ්‌ඩායම් මෙලෙස අවසන් පූර්ව තරගයේදී හමුවීම කැපී පෙනෙන සිදුවීමක්‌ වේ. කහවත්තේ පැවැති මූලික අවසන් පූර්ව තරග වලදී නාත්තන්ඩිය යුනයිටඩ් කණ්‌ඩායම බොරලැස්‌ගමුව බලරැස්‌ කණ්‌ඩායම වෙතින් අනපේක්‍ෂිත පරාජයක්‌ ලැබීම හේතුවෙන් තම තමන්ගේ ආධිපාත්‍යය තවදුරටත් රැක ගැනීම උදෙසා සියනෑ සහ යුනයිටඩ් අවසන් පූර්ව තරගය ඉතා උණුසුම් වීමට ඉඩ තිබේ.

ඩයලොග් ජනාධිපති රන් කුසලාන තරගාවලියේ අවසන් මහා තරග මෙම 18 දා පස්‌වරු 1 සිට නිට්‌ටඹුව මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

Printfriendly